ගැටුම් අතරතුර ඉන්දියාවට පලා ගිය සරණාගතයින් යළි ශ්‍රී ලංකාවට පැමිණේ අධිකරණ ඇමති – මෙලනි මානෙල් පෙරේරා

අලුතින් ආපසු පැමිණි සරණාගතයින්ට උපහාර දැක්වීම සඳහා ඔක්තෝබර් 31 සඳුදා පැවති උත්සවයකදී අමාත්‍ය විජේදාස පැවසුවේ ආපසු පැමිණි 11,712 න් 4,063 ක් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි පුද්ගලයින් බවය.
එමෙන්ම ප්‍රශ්න රැසකට මුහුණ දී ඉන්දියාවේ සිට පැමිණි පිරිස් රටේ කිසිදු ප්‍රදේශයක පුරවැසියෙකුට දෙවැනි නොවන බව සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා, කිසිදු භේදයක් ඇති නොවනු ඇති බවත්, ඔවුන්ගේ අයිතීන් සුරැකීමට කැපවී සිටින බවත් ,සැමට සමාන අයිතිවාසිකම්, හිමිකම්, ආරක්ෂාව සහ අභිමානය හිමි වනු ඇති බවත් ප්‍රකාශ කළේය.

“ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත හා සාර්ථක කිරීම අපගේ යුතුකම” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සම්මත කරන ලද දැඩි නව යෝජනා ඉදිරියේ මෙම නව ප්‍රවනතාව මතුවී ඇත.