රුසියානු තරුණියකට පහර දුන් රුසියානු තරුණයෙකු අත් අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර හන්තාන ප්‍රදේශයේ නවාතැන් පොළකදී රුසියානු ජාතික තරුණියකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රුසියානු ජාතික තරුණයෙකු ඊයේ (31) මහනුවර පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
පහර කෑමට ලක්වූ Nadezda Chumk නැමැති 32 හැවිරිදි තරුණිය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පහර කෑමට ලක්වූ තරුණිය පසුගිය ජනවාරී මස 31 දින මෙරටට පැමිණ ඇත. ඇය වීසා කාලය ලබන වසරේ ජනවාරි මස 31 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලීසිය පවසයි.

සැකකරු සතුව ගුවන් ගමන් බලපත්‍රයක් නොතිබූ බවත් ඔහු මෙරටට පැමිණි දිනයක් හෝ ඔහුගේ වීසා කාලය අවසන් වන දිනයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *