වසර 33ක් ගතවී ඇතත් අතුරුදහන්වුවන් වෙත තවමත් යුක්තිය ඉටුවී නැහැ – මෙලනි මානෙල් පෙරේරා


“අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් අපගේ යෝජනා, ඉල්ලීම් සහ අතුරුදන්වූවන් පිළිබඳ සත්‍ය හෙළි කරගැනීම සඳහා අපගේ යෝජනා, ඉල්ලීම්” යන ශීර්ෂ යටතේ අදාළ කාර්යාල ප්‍රධානීන් වෙත සංදේශ දෙකක් භාර දෙමින් ඔක්තෝබර් මස 27 වන දින, අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු එසේ ප්‍රකාශ කළේය.
1989 භීෂණයෙන් පසු 2016 වසරේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාවට, ශ්‍රි ලංකාව සම දායකත්වය ලබාදෙමින්, සියලු සිවිල් නැගිටීම් සහ යුද්ධයට අදාළව අතුරුදන් කරවීම් පිළිබඳව සත්‍ය හෙළිදරව් කිරීම සඳහා “අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය” ස්ථීර කාර්යාලයක් ලෙස ප්‍රමාද වී හෝ පිහිටුවීම, සියලු අතුරුදහන් වු අයගේ පවුල් ලද ජයග්‍රහණයක් බව, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත භාර දුන් සංදේශයේ සඳහන් වේ.
එම කාර්යාලයේ ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ අතුරුදහන්වුවන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වා සැගවී ඇති සත්‍ය හෙළි කිරීම බව සඳහන් කරන එම සංදේශය, එහෙත් 2017 වසරේ කාර්යාලය පිහිටුවීමේ සිට 2022 දක්වා වසර 05ක් ගෙවී ගොස් තිබුණ ද, ඔවුන් දන්නා තරමින් එකදු අතුරුදහන්වීමක් පිළිබඳවත් සත්‍ය හෙළිදරව් කර නොතිබීම ඉතාම කණගාටුදායක බව කියා සිටියි.

මේ දක්වා කාර්යාලයට ලැබී ඇත්තේ සන්නද්ධ සේවා සාමාජීකයින්ගේ අතුරුදහන්වීම් ද ඇතුලුව 19000 ට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් පමණක් බව සඳහන් කළ ද, 1989 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අනුව දක-ුණේ පමණක් 1989 භීෂණයෙන් 60000 ක් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග 1996 දී පත්කළ කොමිසමට අනුව වාර්ථාවු සංඛ්‍යාව 26000 ට ආසන්න බව ද, මෙදින කාර්යාලයට භාරදුන් සංදේශය සඳහන් කරයි.
“එමෙන් ම, මන්නාරම් පදවියේ හිටපු රදගුරු ස්වර්ගස්ථවු ජෝශප් රායප්පු රදගුරුතුමා විසින් LLRC කොමිසමට ලබාදුන් ලිඛිත ප්‍රකාශයට අනුව, උතුරේ යුධ මුක්ත කලාපයට ඇතුල්වු සහ යුද්ධයෙන් පසු ඉන් පිටවු පිරිස අතරින් වෙනස 147600 කට ආසන්නය. (ගණන් නොකළ) මීට අමතරව, උතුරේ යුද්ධයට අදාළව තවත් බොහෝ සංඛ්‍යාවක් මෙම ඉරණමට ගොඳුරුවී ඇත. එම දත්තවලට අනුව OMP වෙත ඉදිරිපත්වී ඇත්තේ සුලු ප්‍රමාණයකි.” යනුවෙන් එම සංදේශය පෙන්වා දෙයි.

වින්දිතයින් වෙනුවෙන් වන්දි ගෙවීම සම්බන්ධයෙන් ද සංදේශයක් භාරදුන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, දැනට යෝජිත රුපියල් ලක්‍ෂ 02ක ලබාගැනීමේදි සත්‍ය හා යුක්තිය ඉල්ලා සිටීමට කිසිම ආකාරයකට එය බාධාවක් හෝ කොන්දේසියක් නොවිය යුතු බවත් , එය වන්දි ගෙවීමේ ආරම්භක පියවරක් පමණක් විය යුතු බවත් , වන්දි සඳහා වු කාර්යාලයේ සියලු කටයුතු විනිවිදභාවයකින් පැවැත්විය යුතු බවත්, එම පවුල් ඉතිහාසයේ සිට අද දක්වා ඔවුන් විඳි සහ අහිමි වු සියලුම දේවල් ගණනය කිරීමේ ක්‍රමවේදයක් තුළ සාධාරණ වන්දියක් තීරණය කළ යුතු බවත් , එම වන්දි මුදල් ලබාදීමේදි විපතටපත්වී සිටින පවුල්වල සාමාජීකයින් රස්තියාදු නොකිරීමට වගබලා ගැනීමත්, ඉතාම වැදගත් කරුණු වශයෙන් වන්දි කොමිසමට භාරදුන් සංදේශයේ සඳහන් කර ඇත.
දීර්ඝ උත්සාහයකින් පසුව දිනාගත් මෙම කාර්යාලය අතුරුදහන්වීමට ඉඩ නොදී, ශ්‍රී ලංකාවේ සිදුවු අතුරුදහන්වීම්වල සත්‍ය හෙළිදරව් කිරීමට පියවර ගන්නා ලෙසට වින්දිතයින් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් වෙනුවෙන් සටන් කිරීමට කැපවී එම අරගලයේ සංකේතයක් බවට පත් වූ ජයන්ති දන්දෙණියට 2003 වසරේ කොරියාවෙන් “ක්වංජු මානව හිමිකම් සම්මානය” පිරිනමන ලදී.
සෑම වසරක ම ඔක්තෝබර් මස 27 වෙනිදා ට යෙදෙණ අතුරුදහන්වුවන් අණුස්මරණය කිරීමේ ජාතික දිනය සමරමින්, සීදූව, රද්දොළුව හන්දියේ පිහිටා ඇති අතුරුදහන්වුවන්ගේ ස්මාරකයට සිය ගණනක් අතුරුදහන්වුවන්ගේ පවුල් සාමාජීකයින් පැමිණ පුෂ්පෝපාහාර කරනු ලබන අතර, මෙවර ද එම පුෂ්ප උපහාරය සිදුකරමින් සිය අතුරුදහන් ආදාරනීයයන් සිහිකරනු ලැබුණි.