විදෙස් ආධාර යටතේ ලැබෙන මුදලින් ගොඩනැගිලි ඉදි කිරිම හෝ මාර්ග ඉදි කිරීම වහාම නවත්තනු – ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය

විදෙස් ආධාර යටතේ ලැබෙන මුදලින් ගොඩනැගිලි ඉදි කිරිම හෝ මාර්ග ඉදි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වන්නැයි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පලාත් බළධාරින් හමුවේ පැවැසුවාය.

ඇය මේ බැව් කියා සිටියේ ලෝක බැංකු ආධාර යටතේ නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක කිරිමට නියමිත ව්‍යාපෘතින් පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවකට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය කියා සිටියේ විදෙස් ආධාර යටතේ ලැබෙන මුදල් හරහා රටේ අනවශ්‍ය ගොඩනැගිලි බොහෝමයක් ඉදිවි ඇති බවත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් නොලැබෙන බවත් ඉන් සිදුව ඇති එකම වාසිය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් පොහොසත් වීම පමණක් බවයි. “ලෝක බැංකු ආධාර යටතේ ලැබෙන මුදල් යොදා ගනිමින් වඩා පහසු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉදි කිරීම් පසුපස යන්න එපා. අපි පුරුදු වෙලා ඉන්නෙ කොහෙන් හරි ලැබෙන මුදලකින් ගොඩනැගිල්ලක් හදන්න එහෙම නැතිනම් පාරවල් හදනවා. එහෙම නැතිනම් කොන්ක්‍රීට් කල පාරක් උඩින් තාර හරි දානවා. ඒ නිසා මේවායේ ප්‍රතිවිපාක අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට එහෙම කරන්න එපා. ජනතාවගේ ජීවනෝපාය දියුණු කරන්න ඕන තරම් ව්‍යාපෘති තියෙනවා. එවැනි ව්‍යාපෘති සඳහා කඩිනමින් යොමු වෙන්න යැයි පැවැසුවාය.

මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. එස්. පී. රත්නායක, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කලාමදි පද්මරාජා, ආණ්ඩුකාර ලේකම් එල්. පී මදනායක, පලාත් පාලන කොමසාරිස් ඒ. මනිවන්නන් යන මහත්වරුන්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *