හොරෙන් බිඩි ඔතලා මාට්ටු – රුවන්වැල්ල වාර්තාකරු

සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතිකයක් නොමැතිව බීඩී නිෂ්පාදනය කර ගබඩාකාර තබාගත් බව කියන නාරංගස්තැන්න ගලපිටමඩ නිවසක් වැටලූ රුවන්වැල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එහි තිබී රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනාකමින් යුත් බීඩී අත්අඩංගුවට ගෙන තිබේ.
ආදළ ස්ථානයේ තිබී බීඩී එක්ලක්ෂ හතළිස් පන්දහසක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ වැඩි වශයෙන් අළෙවි වන බීඩි නිෂ්පාදන වෙළෙඳායතන වල නම් භාවිත කරමින් මෙම ස්ථානයේ නිෂ්පාදනය කෙරෙන බීඩි කලක පටන් වෙළෙඳ සැල් වලට බෙදාහැර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
වෙළෙඳ නාම සඳහන් පත්‍රිකා තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
බීඩී නිෂ්පාදනය කළ ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසු ඔහුට රුපියල් ලක්ෂ 05 දඩ මුදලක් නියම කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සබරගමු පළාත් සුරාබදු කොමසාරිස් තිස්ස රාජපක්ෂ,කෑගල්ල සුරාබදු අධිකාරි රෝස්මන්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත රුවන්වැල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති චන්දන කස්තුරිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක වීරසිංහ, සුරබදු නියාමකවරුන් වන ජයසිංහ,දයාවංශ, සුරාබදු රියදුරු රුවන් යන අය මෙම වැටලීම සිදුකර තිබේ.
සිගරට් මිල ඉහළ යාමත් සමඟ බීඩී වලට අධික ඉල්ලුමක් තිබෙන නිසා ලියාපදිංචියක් ලබා නොගෙන ප්‍රසිද්ධ වෙළෙඳ නාම භාවිත කරමින් බීඩි නිෂ්පදනය කිරීම වැඩිවී තිබෙන බවත් මේ නිසා අඛන්ඩව වැටලීම් සිදුකරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *