උසස් පෙළ සිසුවාගේ ජීවිතය බේරා ගන්න පැය තුනක මෙහෙයුමක් – මහනුවර වාර්තාකරු

මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද  උසස් පෙළ සිසුන්  දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇති අතර අනෙක් සිසුවා  ගඟ මැද ගලක් මත පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටියදී මහනුවර ගිනි නිවීම් ඒකයය,පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවතය බේරා ගැනීමට සමත්විය.
මෙම සිසුන්  දෙදෙනා  අද (19) පස්වරු 3.00 ට පමණ දිය නෑම සඳහා ගල් පර්වත වලින් ගහන හක්කිඳ දූපත් සමූහය ආසන්නයට ගොස් ඇත. ගඟ මැදට ගිය අවස්ථාවේ මහවැලි ගඟේ ජල පහර හදිසියේම වැඩිවීම නිසා එක් සිසුවෙකුගේ  දියේ ගසාගෙන ගොස් ඇත. අනෙක් සිසුවා  ගඟ මැද වූ ගලක් මතට නැග එය අධාරයෙන් බේරී සිටියදී අවට පිරිස සිද්ධිය පොලීසියට දැනුම් දී තිබේ.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය,ගිනි නිවීම් ඒකකය හා යුද හමුදාව කිමිඳුම් කරුවන් පිරිසකගේ සහය ලබා ගනිමින් කඹ ආධාරයෙන් අදාළ සිසුවා  බේරා ගැනීමට සමත්ව ඇත. මහනුවර ගිනි නිවීම් ඒකකයේ දිනේෂ් හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මෙහිදී දැඩි අවධානමක් ගෙන  සිසුවාගේ  දිවි බේරා ගැනීමට කටයුතු කර තිබේ.
දිවි බේරාගත් සිසුවා  පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
හල්ඔළුව ගොහාගොඩ සීමා මාලකය අසළ දිය නෑම අති අවධානම් බවට දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇතත් ඒවා ගණන් නොගෙන එම ස්ථනයේ දිය නෑමට ඇතැම් පුද්ගයින් උත්සහ කරන බවත් මේ වන විට හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ 100 ක පමණ පිරිසක් මියගොස් තිබෙන බවත් ප්‍රදේශවාසිහූ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *