වෙඩි වැදී අලියෙකු මරණයට – ත්‍රිකුණාමලය ලක්මාල් කේ. බදුගේ

කන්තලේ වාන්ඇල පොලිස් වසමට අයත් කරුවල වැවේ වැව් ඉස්මතේ දි හිසට වෙඩි තබා මරා දැමු අලියෙකුගේ මළ සිරුරක් සොයාගත් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රදේශවාසින් අලි මළ සිරුර දැක මේ බව කන්තලේ වනජිවි අඩවි කාර්යාලයට දැනුම් දිමෙන් පසු අඩවි ආරක්ෂක අචින්ත විමලදාස මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබේ. අලියාගේ හිසට ස්වයංක්‍රීය ගිණි අවියකින් එක් වෙඩිල්ලක් තබා ඇති අතර එය දක්ෂ වෙඩික්කරුවෙකුගේ ක්‍රියාවක් බව සැකකරන්නේ යැයි වනජිවි නිලධාරිහු පැවසුහ.
උස අඩි අට හමාරක් වන වයස අවුරුදු 30 ක් පමණ වන මෙම අලියා පිරිමි සතෙකු බව කියයි.වනජිවි අඩවි ආරක්ෂක අචින්ත විමලදාස ,ජ්‍යේෂ්ඨ නියාමක ප්‍රියන්ත, නියාමක වීරසිංහ, රියදුරු ජයතිලක යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.