තහනම් පන්න සමග 27 ක් අත්අඩංගුවට -ත්‍රිකුණාමලය ලක්මාල් කේ බදුගේ

හැඹිලි දැල් බලපත්‍ර කොන්දේසී කඩ කරමින් ත්‍රිකුණාමල පිටත වරාය මුහුදු තීරයේ මසුන් ඇල්ලිම කල ධීවර යාත්‍රා පහක් සමග සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් නාවික හමුදාව සැකකරුවන් ධීවර යාත්‍රා සහ හැඹිලි දැල් සමග වැඩිදුර විමර්ශණ සදහා ත්‍රිකුණාමල ධිවර කාර්යාලය වෙත භාරදෙනු ලැබිය.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මසුන් ඇල්ලීම සඳහා මොවුන් භාවිතා කල හැඹිලි දැල් පහක් සහ එන්ජින් සහිත ධීවර යාත්‍රා පහක් නාවික හමුදාව භාරයේ  තවදුරටත් තබාගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් 27 දෙනා ප්‍රකාශ සටහන් කරගෙන ඇපමත මුදා හැරි බවත් 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනත යටතේ ලබන 20 වනදා ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩු පැවරිමට නියමිත බව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *