ජනතා සේවය නිසි අයුරින් ඉටු නොකර දෙවියන්ගේ ආශිර්වාදය බලාපො‍රොත්තු නොවන්න – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

රාජ්‍ය නිළධාරීන් ලෙස අප සියලු දෙනාගේ වගකීම ජනතාවට සේවය කිරීම බවත් ජනතා සේවය නිසි අයුරින් ඉටු නොකර දෙවියන්ගේ ආශිර්වාදය බලාපො‍රොත්තු නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය පැවැසුවාය.

ඇය මෙසේ කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ඉඩම් පාලන අංශයේ කටයුතු කාර්යක්ෂම කිරිම සදහා UNHCR සංවිධානය මගින් ලබා දුන් ටැබ් පරිගණක බෙදා දීමේ උත්සවයකට එක් වෙමිනි.

පළාත් ඉඩම් පාලන කොමසාරිස් කාර්යාලය මැදිහත් විමෙන් මෙම ටැබ් පරිඝණක බෙදා දීම සිදු විය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය .අපි නිළධාරින් හැටියට ජනතා ප්‍රශ්න කඩිනමින් විසදිය යුතුයි. එම ප්‍රශ්න විසදීමේදි ප්‍රාදේශිය ලේකම් වරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. එය මනාව හදුනා ගනිමින් ජනතා සේවය නොපිරිහෙලා ඉටු කිරිම තමයි වැදගත් වෙන්නේ අපේ පළාතේ විශාල නිළධාරි හිගයක් තියෙනවා ඒ නිසා ඇතැම් ගැටළු විසදන්න බොහෝ කාලයක් ගත වෙනවා. එහෙත් අපි හැකි පමණ ඉක්මනින් ජනතා ගැටළු විසදුවොත් තමයි අපේ හෘද සාක්ෂියට අපි සාධාරණය ඉටු කළා වෙන්නේ. හැමෝම දෙවියො විශ්වාස කරනවා නම් ජනතා සේවය ද හරියට සිදු කරන්න ඹ්නෑ යැයි පැවැසුවාය.

 

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක පළාත් ඉඩම් කොමසාරිස් බී.එම්.ආර්.සී. දසනායක පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *