ඉදිකිරීම් සංගමයත් පාරට – ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

police back

ආර්ථික අර්බුධය හමුවේ රටේ සමස්ථ ඉදිකිරිම් සමාගම් මුහුණ පා සිටින අර්බුධය තුල ඉදිකිරිම් කර්මාන්තය රැක ගැනිම සඳහා රජයේ අවධානය යොමු කර ගැනීමට සාමකාමි විරෝධතාවයක් 2022 ඔක්තෝම්බර් 19 වන දින පස්වරු 02 ට කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලදි පැවැත්විමට කටයුතු කරන බව ශ්‍රි ලංකා ජාතික ඉදිකිරිම් සංගමය කියයි.

මේ සදහා ඉදිකිරිම් ක්ෂේත්‍රයේ දිවයිනම ආවරණය වන පරිදි ශාඛා සංගම් 11 ක සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සහභාගිවිමට නියමිත බව ශ්‍රි ලංකා ජාතික ඉදිකිරිම් සංගමයේ ත්‍රිකුණාමල ශාඛා ලේකම් කේ. ප්‍රකාශ් මහතා පැවසීය. සමස්ථ ඉදිකිරිම් ආයතන දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක්වි ඇති අතර රජයේ ඉදිකිරිම් වෙනුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට රුපියල් බිලියන 200 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබිය යුතු බවත් එය නොලැබි යෑම නිසා මෙම කර්මාන්තය දැවැන්ත ලෙස කඩා වැටි ඇති බව ශාඛා ලේකම් වරයා පෙන්වා දුන්නේය.

අතුරු අය වැය තුලින් හෝ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත් කරුවන්ට ලබාදිය යුතු මුදල් සම්බන්ධයෙන් දක්වා නොමැති අතර ලබන අය වැයේ දි ඒ සදහා මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනිමට රජයේ අවධානය යොමුකර ගැනිමේ අරමුණෙන් මෙම සාමකාමි විරෝධතාවය පැවැත්විමට තිරණය කල බව ශාඛා ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *