බදු ගෙවන්න නම් අනවශ්‍ය වියදම් කපා හරින්න,  මාධ්‍යවේදි කුසල් පෙරේරා – මෙලනි මානෙල් පෙරේරා

tax
 
ඉහළ දැමු බදු ගෙවිය යුතුද? අපි බදු ගෙවිය යුතු නම් ආණ්ඩුව විසින් ද අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යයන් කිහිපයක් ම ඇති බව ප්‍රවීන දේශපාලන විචාරක මෙන් ම ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදි කුසල් පෙරේරා සඳහන් කරයි.
ඕනෑම ආණ්ඩුවක් වියදම් පියවා ගැනීමට බදු අය කළ යුතු නමුත් ඒ වියදම්, අනවශ්‍ය වියදම් නොවිය යුතු යැයි පෙන්වා දෙ න කුසල් පෙරේරා, ඉහළ බදු අයකර ගැනීම සඳහා වන ආණ්ඩුවේ මෙම යෝජනාවේදි මෙරට පුරවැසියන්ට ද විශේෂ කාර්යයක් පැවරෙන බව ඔහු පෙන්වා දෙයි.
“මේ රටේ ඕනෑ තරම් අනවශ්‍ය, විනාශකාරී වියදම් තියෙනවා. ඒවා වහා කපා හැර, සාධාරණ බදු තීන්දු කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ සඳහා රටේ ජනතාව ආණ්ඩුවට බලකර සිටිය යුතුයි.” යැයි ඔහු සඳහන් කරයි.
 
මේ හා සම්බන්ධව, 2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත(සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය ඔක්තෝබර් 12 වන දා නිකුත් කරනු ලැබුණි.

“මන්ත්‍රී දීමනා වැටුප සහ ඉන්ධන දීමනාව සීමා කරන්න, ආරක්ෂක වියදම්, යුද්ධය අවසන් කළ 
2009 වසර වියදමට අනුව රුපියල අවප්‍රමාණයවීම සළකා රු.බිලියන 200 ට අඩු කරන්න,
වෛද්‍ය වෘත්තිකයින්ට මාසිකව ගෙවන කිසිදු අර්ථයක් නැති රු.
50,000 ක ඩැට් (DAT) දීමනාව කපා හැර, අතිකාල ගෙවීම් සඳහා සේවයට පැමිණිමේ අත්සන් පොතක් තබන්න, (වෛද්‍යවරුන් දේශප්‍රේමීන් නිසා ඊට විරුද්ධ වන එකක් නැහැ) , ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා නියෝජනය සියයට 60
 කින් අඩු කරන්න.” යන කාරණා පිළිබඳව ක්‍ෂණිකව අවධානය යොමුකරන ලෙසට ආණ්ඩුවට බලකර සිටිය යුතු යැයි ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම, පෞද්ගලික බදු අය කිරීමේ අවම සීමාව මාසික ආදායම රු.ලක්ෂ 2 ක් කිරීමත් ,  අත්‍යාවශ්‍ය ආහාර සඳහා බලපාන 
VAT ඇතුලු සියලු වක්‍ර බදු ඉවත් කරන ලෙසත් ආණ්ඩුවට බල කළ යුතු යැයි ඔහු සඳහන් කරයි.
 
“එබැවින් ජනතාව තවදුරටත් ප්‍රමාදයකින් තොරව ඒවා ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලෙස තම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ යුතුය.”  කුසල් පෙරේරා අවධාරණය  කරයි.

මුදල් හා ආර්ථීක ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 
බදු වැඩිවන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීම සඳහා පහත ලින්ක් එක ඔස්සේ ඇති ලිපිය කියවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *