අපිට ඕනෑ බෙහෙත් අපිම හදන්න ඕනෑ ,කෙහෙලිය රඹුක්වැල්ල – මහනුවර වාර්තාකරු

ඉදිරි තෙවසර තුළ රටට අවශ්‍යය ඖෂධ වලින් 50 % ක් පමණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඉන්දියාව,පකිස්තානය හා බංගලාදේශය වැනි රටවල් සමඟ සැසඳීමේදී මෙරට ජනගහණය ඉතා අඩු බැවින් ඖෂධ සමාගම් වලට මෙරට ජනතාව පමණක් ඉලක්ක කර නිෂ්පාදන ආරම්භ කළ නොහැකි බවද ඒ මහතා කීය.
රට තුළ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ තත්ත්වය ඉහළ නැන්වීමේ ජාතික වැඩසටහනේ මංගල වැඩසහන පසුගිය (14) දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉතා සංකීර්ණ තැනකට අපි තල්ලු වෙලා. තෙල් පෝලිම් දකිනකොට,ගෑස් නැතිවෙන කොට ඒක ජනතාවට හොඳින් දැනුනා. ලංකා ඉතිහාසයේ කවදාවත් දකින්න නොලැබුණු ආකාරයේ 65% ක විතර උද්ධමනයක් අද ඇතිවෙලා. ආහාර උද්ධමනය 94% ක් කියලා ලෝක බැංකුව අවසන් වරට නිකුත් වාර්තාවේ දක්වා තිබෙනවා. මේ ගැන අවධානය යොමු කරලා විශේෂ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක නොකළොත් උද්ධමනය පාලනය කරගන්න බැරි වෙනවා. අපි ඉතාම දරුණු තැනක ඉන්නේ. මේ අර්බුදයෙන් මාසයෙන් දෙකෙන් ගොඩ එන්න බැහැ.පාරවල්,කාණු,ගොඩනැගිලි හදන එක ටිකක් කල්දානන පුළුවන්. නමුත් දරුවන්ගේ මන්දපෝෂණය,ගැබිණි මව්වරුන්ගේ පෝෂණය අඩු වෙනවා නම් ඒකට විසඳුම් දීම අපිට කල්දාන්න බැහැ.
අමාත්‍යාංශයේ කිසිම උත්සවයක් ලොකුවට වියදම් කරලා කරන එක තහනම් කරලා තියෙන්නේ. අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සුළුවෙන් තමයි අපි උත්සව කරන්නේ. ලබන වසරේ 25-30 % ක් විතර අපි වැඩිපුර ඖෂධ ගෙන්වන්න ඕන. සම්ප්‍රදායික ලෙස පසුගිය වසර වල ගෙනාව ප්‍රමාණය සාපේක්ෂව බලලා ලබන වසරේ ඖෂධ ගෙන්වන්න එපා කියලා මම දැනුම් දුන්නා. මධ්‍යම පහළ පන්තිය ලොකු ආර්ථික ප්‍රශ්නයක ඉන්නේ. ඒ බොහෝ දෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සේවා ලබා ගන්න හැකියාවක් නැහැ. ඔවුන් රජයේ රෝහල් වලට එයි. පෞද්ගලික රෝහල් බිල ඔවුන්ට දරාගන්න බැහැ.
සෞඛ්‍ය තත්ත්වයෙන් බාල පරම්පාරයක් හැදුනොත් ඔවුන් අපේ පරම්පරාවට දොස් කියයි. ඒ නිසා අපි මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි.ඖෂධ ගෙන ඒමට ඉන්දියානු ණය ආධාර පාවිච්චි නොකළ බවට කෙරෙන ප්‍රකශ මුළුමනින්ම අසත්‍යයයි. මෙවැනි දෙයක් සිදුව තිබෙන බවට මාධ්‍ය වාර්තා කරලා තිවුණා. ෆයිල් එක්දහස් ගණනක් මේවන විට ඉන්දියානු තානාපති කාර්යාලයට යොමුකර තිබෙනවා. ඔවුන්ගේ උපරිම උත්සහය අරන් ඒවා දිල්ලි වලට යවලා තිබෙනවා.එතිින් අනුමැතිය එනතුරු ඉන්න ඕන. අපේක්ෂා නොකළ ප්‍රමාදවීම් තිබෙනවා.පසුගිය කාලයේ හාල්,පරිප්පු හාල්මැස්සන් හිඟයක් තිබුණා. ඒ වෙලාවේ ඉන්දියාවෙන් ගෙනාවේ කියලා කවුරු හරි ප්‍රශ්න කරන්න පුළුවන්.හාල් පරිප්පු ගේනවා වගේ බෙහෙත් ගෙන්න බැහැ. ඒකට ප්‍රමිතියක් තිබෙනවා.මුදල් ගෙවලා අවසන් වුණාට පස්සේ තමයි සමාගම් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් ඖෂධ නිෂ්පාදනයට මාස හතරක් විතර යනවා. සමහර ඒවාට ඊටත් වඩා කල් යනවා. මාධ්‍ය මගින් මේ ගැන දැනුවත් කරන්න.
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදය කරන්න හැකි තරම් උත්සහ කරනවා.ඖෂධ කර්මානත ගාමන්ට් ෆැක්ටර් වගේ හදන්න බැහැ. බංගලාදේශයේ ජනගහණය මිලියන 165 ක්. පකිස්තානයේ 240 යි .ඉන්දියාවේ බිලියන 1.2 යි. අභ්‍යන්තර වෙළෙඳ පොළක් ඔවුන්ට තිබෙනවා. මිලියන 22 ක් ඉන්න අපේ රටේ ඖෂධ හදන අයට ස්තූතිවන්ත වෙනවා. විදේශ වෙළෙඳ පොළත් එක්ක තමයි කරන්න වෙන්නේ. නැත්නම් ඔවුන් කරන ආයෝජනයට සරිලන විදියේ ආදායමක් ගන්න අමාරුයි. ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා. පකිස්තානයේ,බංගලාදේශය් ඉන්දියාවේ මෙහෙම කරනවා නම් අපට ඇයි බැරි කයිලා අහන්න කලින් මේ ප්‍රශ්න ගැනත් හිතන්න ඕන. අපි මාලදිවයින් රජයේ ඉල්ලීමක් එක්ක ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුනා. මාලදිවයින්ට ඖෂධ පොඩි ප්‍රමාණවලින් අවශ්‍යය වන නිසා නිෂ්පාදකයින් ඒ ප්‍රමාණ ඔවුන්ට දෙන්නේ නැහැ. ඖෂධ නිෂ්පාදනයක් ආරම්භ කරන්න ඔවුන් හිතන්නේවත් නැහැ.අපිත් එක්ක එකතු වෙලා අපේ ඇනවුමත් එක්ක දාන්න කියලා ඉල්ලීමක් තිබෙනවා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.