හැටන් – ශ්‍රිපාද විද්‍යාලයට වසර 125යි – චන්දන ජයවීර – හැටන්

“ගුණාත්මක අධ්‍යාපනයක් තුලින් විශිෂ්ඨ ශ්‍රිපාදියෙකු දැයට දායද කිරිම” දැක්ම කොටගත් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව ට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් අධ්‍යාපන කලාපය ට අනුයුතක්ත වු හැටන් – ශ්‍රිපාද විද්‍යාලය සිය අභිමාණවත් 125 වන සැමරුම අද ඔක්තෝම්බර් 12 දා සමරනු ලබයි.
දහනව වන සියවසේ අනගාරික ධර්මපාල තුමාගේ හා හෙන්ඩ්‍රි ඔල්කට් තුමාගේ බෞද්ධ පුනර්ජීවණ වැඩ පිළිවෙලහිත් ප්‍රථිඵලයක් ලෙස 19 වන සියවසේ අග භාගයේ මෙරට බෞද්ධ පාසල් ආරම්භ කරන්නට විය.පරම විඥානාර්ත බෞද්ධ සංගමයේ වාර්තා වලට අනුව 1890 න් පසු ආරම්භ වු මෙරට ප්‍රථම බෞද්ධ පාසල් අතර ට එක්වු පාසල් පර්ෂදයෙන් එක් පාසලකි හැටන් ශ්‍රිපාද විද්‍යාලය.
2010 වර්ෂය දක්වාම පළමු ශ්‍රේණ්යේ සිට උසස් පෙළ දක්වා ක්‍රියාත්මක කෙරුණ ශ්‍රිපාද මධ්‍ය මහා විද්‍යාලය ද්විතික පාසල් දහසක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ ප්‍රාථමික අංශය ශ්‍රිපාද ප්‍රාථමික විද්‍යාලය ලෙසින් වෙන් කෙරින.එමෙන්ම ජාතික පාසල් 1000 ක් වැඩ සටහනට සමගාමිව ශ්‍රිපාද මධ්‍ය මහා විද්‍යාලය 2021 වසරේ ජාතික පාසලක් බවට පත් කෙරින.
පාසලේ වර්ථමාන විදුහල්පතිවරයා ලෙස තිලක් නවනන්දන මහතා කටයුතු කරන අතර ගුරු මණ්ඩය 46 කි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 854 කු අධ්‍යනය ලබමින් සිටිති.
පාසලක සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වන ශක්තිමත් ආදිශිෂ්‍ය සංගමයක් හා පාසල් සංවර්ධන කමිටුවක් ක්‍රියාතිමක වේ.පාසලේ අධ්‍යාපනික ,ක්‍රිඩා ,භෞතික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ආදි ශිෂ්‍ය සංගමයේ වර්ථමාන ලේකම් ලෙස ආසිරි චන්දන මහතා කටයුතු කරන අතර පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් ලෙස චන්දන ජයවීර මහතා කටයුතු කරනු ඇත.
ශ්‍රිපාද ජාතික පාසලේ සියක් විසිපස් වසර සැමරුමට සමගාමිව උදා රැස්වීමට සමගාමීව චාම් උත්සවයක් පැවැත්වීමත් , අද රාත්‍රියේ විද්‍යාල භූමියේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා 13 වන දා සංඝගත හීල් දානය පිරිනැමිමේ පිංකමකි .
එමෙන්ම 6 – 12 සිසන්ගේ චිත්‍ර හා සිතුවම් දැක්ම ,ලිඛිත දැනුමු මිණුම තරඟය ,11 – 12 ශ්‍රේණිවල සිසුන්ගේ සහබාගීත්වයෙන් විවාද තරඟාවලිය අන්තර් පාසල් පාපන්දු ,ක්‍රිකට් හා නෙට්බොල් තරගාවලියක් ,මාර්ග ධාවන තරඟ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර සහතික හා තිළිණ ප්‍රධානය කිරිමේ උත්සවයක් ද පැවැත්වීමට නියමිතය .
මාසයක කාලයක් පුරා පැවැත්වෙන 125 සැමරුම් උත්සව වැඩසටහන් මාලාව අවසානයේ නොවැම්බර් 5 සහ 6 යන දෙදින ආදි ශිපාදයින්ට පමණක් සීමා වු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් හා සුහද හමුවක් පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය පියවර ගෙන තිබේ.