නාන කාමරයේ ගෙල වැලලාගෙන තරුණයෙකු මියයයි – මහනුවර වාර්තාකරු

මහනුවර කොටුගොඩැල්ල වීදියේ මධ්‍යම ලංකා හොස්ටල් නැමැති නවාතැන් පොළේ නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් සිටි 22 හැවිරිදි තරුණයෙකුගේ පොලීසිය පෙරේදා (08) සොයාගෙන තිබේ.
පසුගිය 03 වැනි දින රාත්‍රී 9.30 ට පමණ මෙම තරුණයා නවතැන් පොළට පැමිණ තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මියගිය තරුණයා කාවින්ද ඉසුරු දිසානායක නැමැති මැණික්හින්න නාරංපනාවේ පදිංචි අයෙකි.
මෙම තරුණයා පසුගිය 03 වැනිදා හෝ ඊට ආසන්න දිනක ගෙළ වැලලාගෙන ඇති අතර නවාතැන් පොළ දෙසින් දුඟදක් හැමීම නිසා විමසිලිමත් වී පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබෙන බවත් පොලීසිය පවසයි.
අදාළ නවාතැන් පොලේ පසුගිය දින කිහිපය තුළම කිසිවෙකු නතරවී නොසිටීම හේතුවෙන් මෙම තරුණයා පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *