මුහුණු පොතේ පෙම්වතුන් නුවරඑළියේ දී පොලිස් භාරයට – චන්දන ජයවීර – හැටන්
මුහුණු පොතින් පෙම්වතුන් වු 17 හැවිරිදි පෙම්යුවලක් නිවෙස්වලින් හොර රහසේ පැනවිත් කරකියාගත දෙයක් නොමැතිව නුවරඑළිය නගරයේ තැන තැන ඉබාගාතේ සැරිසරමින් සිටියදී (08) දා පොලිස් භාරයට ගත්බව නුවරඑළිය පොලීසිය පවසයි.
කලුතර ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි පිරිමි ළමයෙකු හා අම්පාර ප්රදේශයේ පදිංචි එම වසසේම ගැහණු ළමයෙකු මෙසේ පොලිස් භාරයට ගෙන තිබිණි. මෙම ළමුන් දෙදෙනා මුහුණු පොත මගින්හඳුනාගෙන පෙම්වතුන් බවට පත්ව ඇති බවත්, පසුවඊට උරණව ඇති ගැහණු ළමයාගේ පියා විසින් ඇයගේ ජංගම දුරකතනය ලබා ගෙන ඇති අතර, ඉන් පසුව ඇය පසුගිය 06 දින අම්පාර ප්රදේශයේ සිට සිය පෙම්වතා සොයාගෙන කලුතර ප්රදේශයට ගොස් ඇති බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ. ඉන් පසුව දෙදෙනා පානදුර ප්රදේශයේදී හමු වී එදින රාත්රියේ පානදුර බස් නැවතුමේ රාත්රීය ගත කොට පසුදා අලුයම කොළඹට ගොස් එහි සිට බස් රථයකින් නුවරඑළියට පැමිණ ඇති බව පොලීසිය පවසයි.
නුවරඑළියට පැමිණි සිටි ඔවුන් අත මුදල් නොමැතිවීම නිසා ගැහණු ළමයාගේ රැගෙනවිත් තිබු පරිඝණක යන්ත්රය හා පිරිමි ළමයාගේ ජංගම දුරකතනය අළෙවි කිරීමට ස්ථානයක් සොයමින් නුවරඑළිය නගරයේ තැනතැන සැරිසරමින් සිටියදී නුවරඑළිය පොලීසිය ඉදිරිපිට ත්රී රෝද රථ ගාලේ රියදුරෙකු විසින් මේ බව දැක ඒ බව පොලිස්නිලධාරීයෙකුට දැනුම්දීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂාවට සහ වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලීසිය සිය භාරයට ගෙන ඇත.
අපරාධකරුවන්ට හෝ මංකොල්ලකරුවන්ට හසුව මෙම ළමුන් දෙදෙනාට සිදු වන්නට ගිය විශාල හානියක් ත්රී රෝද රථ රියදුරාගේ දැඩි විමසිලිමත්කම හේතුවෙන් වළක්වා ගැනීමට පොලීසියට හැකියාව ලැබුණු බව පොලීසිය කියයි.
දෙමාපියන් පොලීසියට කැඳවා ඔවුන්ට ළමුන් දෙදෙනා භාරදීමට පොලීසිය පියවර ගෙන තිබු අතර, නිසි වයස සම්පුර්ණ වු විට විවාහකර දෙන බව දෙමාපියන් විසින් පොලීසියට පවසා ළමුන් ඔවුනොවුන්ගේ නිවාසවලට රැගෙන යාමට ඊයේ (09) පියවර ගත්බව පොලීසිය වැඩිදුරටත් පවසයි.