විපතට පත් ධීවර ජනතාව වෙනුවෙන් විපක්‍ෂ නායකවරයා හඩ නගයි

භූමිතෙල් සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ධීවර ජනතාව දැඩි ගැටලුවලට මුහුණ පා සිටින බව සඳහන් කරන විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස, වහා එම ගැටළු විසඳීමට ඉදිරිපත් වන ලෙස රජයට ආරාධනා කරයි.

ධීවරයින් පිළිබඳව, අගහරුවාදා ඔක්තෝබර් 04 වෙනිදා, පාර්ලිමේන්තුවේදි කථාකළ විපක්‍ෂ නායකවරයා, ධීවරයින්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය ඇතුළු විෂය පිළිබඳව රජයට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය. 
 
ඉන්ධන මිල සංශෝධනයෙන් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය මුළුමනින්ම අඩාල වී ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙම ගැටලුවට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

ඉන්ධන මිළ වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස රටතුළ සැපයෙන මත්ස්‍ය නිෂ්පාදනයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා යැයි ප්‍රකාශකළ විපක්‍ෂ නායකවරයා,  ලංකාව දැඩි මන්දපෝෂණ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, ප්‍රෝටීන් ඉතා බහුල සහ සුලභව ලබාගත හැකි රටේ මත්ස්‍ය නිෂ්පාදනයට මෙය සෘජුව බලපා තිබෙන බැවින් මත්ස්‍ය පාරිභෝජනය අඩූ වී තිබෙන බව පෙන්වා දුණී.    

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට පමණක් නොව, සමස්ත ප්‍රජාවටම බලපාන ප්‍රශ්නයක් බවට පත්වී ඇතැයි කීවේය.

අවම වශයෙන් බහුදින යාත්‍රා 4,500කට සහ කුඩා ධීවර යාත්‍රා 25,000කට ඩීසල් ලබාදීමට රජය අපොහොසත් වීම, අර්බුදය තවත් උග්‍ර කිරීම පමණක් බව සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා  පෙන්වා දුන්නේය. 
 
භූමිතෙල් රු. 87 සිට රු. 340 කුඩා ධීවර යාත්‍රා ධීවරයන්ගේ ජීවනෝපායට බලපා ඇත. ඔවුන්ගේ කර්මාන්තයේ යෙදෙන්න බැරි තත්ත්වයට පත්වෙලා. මත්ස්‍ය සැපයුම අඩු වී ඇති අතර මිල ද ඉහළ ගොස් පාරිභෝගිකයින්ට බරක් වී තිබේ. යැයි ඔහු සඳහන් කළේය. 

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග (27:2) යටතේ රජයෙන් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය. වැඩි වූ භූමිතෙල් මිල ධීවරයින්ට සහනාධාරයක් ලෙස ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී දුන් පොරොන්දුව සිහිපත් කළ ප්‍රේමදාස මහතා, එවැනි කිසිදු සහනයක් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළේය. ,රජය මෙම සහනාධාරය ධීවර ප්‍රජාවන්ට ලබා දෙන්නේද සහ එසේ නම්ල කවදාද? යන ප්‍රශ්නය නැගුවේය.
එමෙන්ම, ධීවරයින්ට තම වෙළඳාමේ යෙදීමට අවශ්‍ය ඩීසල්,  එන්ජින් ඔයිල් සහ අනෙකුත් යෙදවුම් සඳහා රජය කිසියම් වට්ටමක් ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කළ අතර එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් විපතට පත් ධීවර ප්‍රජාවන් හා හානි පූර්ණය සහ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පිළිබඳව ද විපක්‍ෂ නායකවරයා මතු කළේය. 

ප්‍රේමදාස ධීවර ආනයනය ඉහළ නැංවීම සහ පවතින අර්බුදය හේතුවෙන් අයිස් නිෂ්පාදකයින්, ශීතකරණ ට්‍රක් රථ හිමියන් වැනි ධීවර කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරවල නියැලී සිටින පුද්ගලයින් ද මුහුණ දෙන අහිතකර බලපෑම් සහ රටේ ධීවරයින් සඳහා හඳුන්වා දී ඇති ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද විපක්‍ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *