ණය ප්‍රතිව්‍යුහගත කිරීම: ජපානය තවම සම-සභාපතිකමට වචනයක් දි නැහැ

(ඔක් 06- කොළඹ) ශ්‍රී ලංකාවේ විදේශිය ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ සාකච්ඡා වටයේ සම-සභාපති ධුරය සඳහා ජපානය තවමත් සිය කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට නැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ රජයේ නිලධාරියෙකු නාර්නාමික ලෙස උපුටා දක්වන රොයිටර් පුවත් සේවය කියා සිටියේ “ ජපානය සම-සභාපති ධුරය දැරීමට කැමැත්ත පළ කොට ඇතැයි” පළ වන වාර්තා සාවද්‍ය බවයි.

සිය පසුගිය ජපාන සංචාරයේ දි මෙරට විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වටයේ සම-සභාපති ධුරය දැරීමට ජපානයට කළ ආරාධනය එරට පිළි ගෙන ඇති බව’ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  අද දින පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.  ‘ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය” පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා  ඒ බව කියා සිටි අතර, ඊට සුළු වේලාවකට පසු රොයිටර් පුවත් සේවය මෙම පුවත පළ කිරීම විශේෂත්වයකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය දා ජපානයේ හිටපු අගමැතිවරයෙකු වන ෂින්සෝ අබේ ගේ අවමංගල්‍යයට සහභාගි විම පිණිස ජපානයට ගිය අවස්ථාවේ දි, එරට විදේශීය අමාත්‍ය යොෂිමාශා හයාසි සමග ද්විපාර්ෂික සාකච්ඡා වටයක් සදහා ද සහභාගි විය. එහි දි ‘පසුගිය ආණ්ඩුව විසින් ජපන් ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් සිය කනගාටුව ජපන් විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා ජනපතිවරයා පළ කොට සිටි බව’ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ.

එම සාකච්ඡාවේ දී  ‘ජපානය ශ්‍රී  ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත  කිරීම’ පිළිබඳ සිය සතුට පළ කළ යොෂිමාෂා හයාෂි, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් ලබා ගෙන ඇති ප්‍රගතිය ගැන සතුට පළ කරමින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දි ප්‍රමුඛ භූමිකාවක් ඉටු කිරීමට කැමැති බවද  ප්‍රකාශ කළේය.ඊට අමතරව ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට ද තම රජය සුදානම්  බව ද  විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *