පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරලා – මහනුවර වාර්තාකරු

රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සහල් අළෙවි කළ මහනුවර නගරයේ වෙළෙඳුන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ මාලින්ද අල්විස් මහතා අද (06) නියම කළේය.
මෙසේ දඩ මුදල් නියම වූයේ එම්.මොහොමඩ් හා කේ.ජයකුමාර් යන වෙළෙඳ සැල් හිමි ව්‍යාපාරිකයින් දෙදෙනාටය.
පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ බවට මෙම වෙළෙඳුන් දෙදෙනා අධිකරණයේදී පිළිගත්හ.
මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය මගින් මෙම වෙළෙඳුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.