මතට ඇබ්බැහි වන පිරිස දිනෙන් දින ඉහළට – සුමුදු ප්‍රබෝධ්‍යය

Addictive substances, including alcohol, cigarettes and drugs.

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙත්දී අනෙක් අතින් මෙරට තරුණ පරපුර සීඝ්‍රයෙන් මත් රකුසාට බිලි වෙමින් සිටින්නේ යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.
නිදහස ලබා වසර හත්තෑපහකට ආසන්න කාලයක් ගතව තිබෙන මේ අවස්ථාවේ මත්ද්‍රව්‍ය පිටු දැකීම පිණිස ගෙන යන වැඩපිළිවෙළ සියල්ල අභිබවා මතට ඇබ්බැහි වන පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවද උන්වහන්සේ කීහ.
ජත්‍යන්තර අමද්‍යප දිනය නිමිත්තෙන් පෙරේදා (03) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති උත්සවයකදී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ. බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් ජත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
අදවන විට ජත්‍යන්තර ජාවරම්කරුවන් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වන බවත් මෙම තත්ත්වය අප සුළුවෙන් නොතැකිය යුතු බවත් විජිතිසිරි නාහිමියෝ ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍යය යනු සමාජය විනාශ කරමින් ප්‍රපාතය දක්වා පුද්ගලයෙකු ඇදගෙන යන්නට හේතුවන දෙයක් බවත් මෙහි ආදීනව පිළිබඳව කොතෙක් දැනුවත් කිරීම කළත් මතට යොමුවන පිරිස සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් උන්වහන්සේ කීහ.

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් කන්ද උඩරට යටත් කරගැනීමට ප්‍රධාන ලෙස බලපෑවේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මතට ලොල්ව අධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම බවත් එතුමා මුරිසියේ සිරකරුවෙකු ලෙස සිටියදී ඒ බව ප්‍රකාශ කර තිබෙන බවත් විජිතිසිරි නාහිමියෝ පැවසූහ.

තරුණ ප්‍රජාව මතට යොමුවීමට අවශ්‍යය මංපෙත් මුළුමනින්ම විවර වී තිබෙන බවත් වර්තමානයේ දක්නට ලැබෙන තාක්ෂණික මෙවලම් වලින් ඊට විශාල පිටුබලයක් ඇතිවන බවත් කී උන්වහන්සේ පාසැල්,රෝහල් අසළ පවා අද මත්පැන් අළෙවි සැල් දක්නට ලැබෙන බවද අවධාරණය කළහ.
මේ රටේ අමද්‍යප ව්‍යාපාරය ගැන සාකච්චා කළත් මතට ලොල්වූ පිරිස දිනෙන් දින වැඩි වෙනවා. ඒ තුළ ගිහිපැවිදි සැමදෙනා මේවා තේරුම් ගෙන ඉදිරිපත් විය යුතුයි. මේ රටේ තරුණ පරම්පරාව සීඝ්‍රයෙන් මේ ව්‍යසනයට ගොදුරු වෙනවා. ඒකට අව

ජාතික මත්ද්‍රව්‍යය නිවරණ මෙහෙයුම් ඒකකයෙ උප සභාපති නලීන් අමරසිංහ මහතා කතා කරමින් පසුගිය වසරේ දී මෙරට ජනතාව මත්පැන් මිලි ලීටර් මිලියන 215 ක් පානය කර තිබෙන බවත් මෙම වසරේ ජූලි මාසය වනවිට ලීටර් මිලියන 120 ක් පානය කර තිබෙන බවත් කීවේය.

මත්ද්‍රව්‍යය නිසා පීඩා විඳින්නේ භාවිත කරන පුද්ගලයා පමණක් නොවන බවත් බිරිඳ දරුවන් පමණක් නොව සමස්ත සමාජයම මේ නිසා පීඩා විඳින බව අප අමතක නොකළ යුතු බවත් හෙතෙම පැවසුවේය.
මත්ද්‍රව්‍යය වලින් තොර සමාජයක් ඇති කිරීම නීති මගින් පමණක් කළ නොහැකි බවත් ඒ සම්බන්ධ ආකල්පමය වෙනසක්ද ජනතාව තුළ ඇතිවිය යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන්ද මෙහිදී කතා අනුශාසනායක් පැවත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed