මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විදුහල ඉදිරිපිට විරෝධතාවක – මහනුවර වාර්තාකරු

මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ විදුහල්පතිනිය විසින් එම විදුහලේ පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වා එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය ඊයේ (02) විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
මේ සම්බන්ධයෙන් ආදි ශිෂ්‍ය සංගමය විසින් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට එරෙහිව ගත යුතු සියලු ඉදිරි නීති ක්‍රියාමාර්ග නීතිඥවරු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගන්නා බව හිල්වුඩ් බාලිකා විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිනි අරුණි දුනුවිල මහත්මිය ප්‍රකාශ කළාය.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස විදුහල්පතිනියට දැනුම් දී තිබෙන බව පොලීසිය පවසයි.