බ්‍රසීල ජනපති මැතිවරණය- ලුලා ඩි සිල්වා ඉදිරියෙන්-දෙවන වටය ඔක් 30 – බර්නාඩ් එදිරිසිංහ ඕස්ට්‍රේලියාවේ සිට

2022 ඔක් 02 පැවැත්වු බ්‍රසීල ජනපතිවරණයේ දි වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් හිටපු ජනපති ලුලා ට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% ලබා ගැනීමට නොහැකි වු බැවින් ජයග්‍රාහි අපේක්ෂකයා තෝරා ගැනීමේ අවසාන වටය ඔක්තෝබර් 30 පැවැත්වීමට එරට මැතිවරණ බලධාරින් විසින් තීන්දු කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 99.9 % මේ වන විට ගණන් කොට අවසන් අතර හිටපු ජනපති ලුලා ඩි සිල්වා 48.43% ඡන්ද ලබා  ගෙන ඇති අතර වත්මන් ජනපති ජයිර්  බොල්සොනාරෝ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 43.2% කි.

මැතිවරණය ක්‍රියාත්මක වන ආකාරය

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ඡන්දදායකයින් විසින් සෘජුවම තේරී පත් කරයි. එරට ව්‍යවස්ථාවට අනුව ඡන්ද විද්‍යාලයක් නොමැති අතර ජනපති තෝරා පත් ගැනීමේ දි  ව්‍යවස්ථාදායකයට භූමිකාවක් ලබා දි නොමැත. පළමු වටයේ දි අපේක්ෂකයෙකු තේරී පත්වීමට 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වේ. පළමු වටයේදී මෙය සිදු නොවුයේ  නම්, වැඩිම ඡන්ද ලබා ගත්  අපේක්ෂකයින් දෙදෙනා දින 30 කින් පැවැත්වෙන  අවසානයේ දෙවන මැතිවරණයකට ඉදිරිපත් විය යුතු වේ.

2022 ජනපති මැතිවරණ ප්‍රතිඵළ අනුව  ප්‍රමුඛ අපේක්ෂකයන් වන්නේ වත්මන්, දක්ෂිණාංශික ජනතාවාදියෙකු වන ජයිර්  බොල්සොනාරෝ  සහ හිටපු ජනාධිපති ලුලා ඩි සිල්වා වන අතර  ඔහුගේ නිල කාලය දෙක තුළ බ්‍රසීලයේ දරිද්‍රතාවයට එරෙහිව රැඩිකල් විසඳුම් හඳුන්වා දුන් වාමාංශිකයෙක් ලෙස ප්‍රකටය.

මෙවර ජනපතිවරණයට අපේක්ෂකයින් 11 දෙනෙකු ඉදිරිපත් වු  අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 2% වඩා ඡන්ද ලබා ගත හැකි වුයේ අපේක්ෂකයින් දෙදෙනකු පමණි. ඉන් එක් අපේක්ෂකයෙක් වුයේ ජනපති ලූලා ඩි සිල්වා යටතේ ඇමතිවරයෙකු ලෙස සේවය කළ ප්‍රතිවාදී වාමාංශිකයෙකු වන සිරෝ ගෝමස්ය. අනෙක් අපේක්ෂකයා වුයේ මධ්‍යස්ථ වාමවාදියෙකු වු  සෙනෙට් සභික සිමෝන් ටෙබෙට් ය.

මෙවර ජනපති මැතිවරණයට ලියා පදිංචි වි සිටි ඡන්දදායකයින් ගේ සංඛ්‍යාව මිලියන 156 ක් වන අතර එ් අනුව විශාලත්වය අනුව බ්‍රසීලය ලොව හතරවන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යය ලෙස පිළි ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed