පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන් – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු පෙරේදා (02) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.
විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති මෙම සිසුවා පෙරේදා (02) රාත්‍රී 7.00 ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
පුලස්ති ප්‍රමුදිත් පෙරේරා (25) නැමැති මෙම සිසුවා නවතැනින් පිටව යාමට පෙර ලිපියක් ද ලියා තබා ඇත.
මෙම සිසුවා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් ඊයේ (03) පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.