අරගලකරුවන් මර්ධනය කරන්න තවත් පියවරක් – මෙලනි මානෙල් පෙරේරා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරමින් වසන්ත මුදලිගේ , සිරිධම්ම හාමුදුරුවෝ, හේෂාන් ජීවන්ත අත්අඩංග-ුවට අරගෙන රඳවාගෙන සිටිනවා. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කය තුළ අධිආරක්‍ෂිත කලාප නම්කෙරුවා. ඒක දඩමීමා කරගෙන අපේ කොල්ලෝ කෙල්ලෝ වගේම එදා උද්ඝෝෂණයට ආවා විශාල පිරිසක් අත්අඩංග-ුවට ගත්තා. පොලීසියෙන් පහර දුන්නා. යැයි ප්‍රකාශ කළ ලහිරු, දැන් ඒ මදිවාට පුනරුත්ථාපන කාර්යංශය කියන පනතක් සම්මත කර ගෙන, ඒ හරහා මිනිසුන් මර්ධනය කරන්න අලුත් උත්සාහයක් ගනිමින් සිටිනවා යැයි ඔහු කීවෙිය.
අරගලය මෙහෙයවු පුද්ගලයින් වෙත අනිවාර්යයෙන් ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව පවසමින් එහෙත් අරගලය සමග රැල්ලට සම්බන්ධවූ සියලුම පුද්ගලයින්ව පුනරුත්ථාපනය කර සමාජගත කළ යුතු බව ප්‍රකාශකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පසුගියදා මෙම පුනරුත්ථාපන කාර්යංශ යෝජනාව ඉදිරිපත් කළේය.
මිනිස්සු දහස් ගණනක් සාගින්නේ සිටින විට නොගැලපෙන යෝජනා අණපනත් ගෙනෙන පුද්ගලයින් පුනරුත්ථාපනය කළයුතු වන්නේ යැයි ප්‍රකාශ කළ ලහිරු වීරසේකර, නීතිය අවභාවිතා කරමින් රටේ ජනතාව මර්ධනය කරන දේශබන්දු තෙන්නකෝන් , මහින්ද රාජපක්‍ෂ , සනත් නිශාන්ත, මහින්දානන්ද අලුත්ගමගේ වැනි පුද්ගලයින්ව නොවෙයිද පුනරුත්ථාපනය කළ යුත්තේ කියා ප්‍රශ්න කළේය.
මොවුන් ගෙනෙන විශේෂන පදවලට නොරැවටී රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවේ මර්ධනය සඳහා ගෙනෙන අණපනත් උපහාසයට ලක්කිරීම පමණක් නොව දැඩි විරෝධතාව දක්වමින් එවැනි මර්ධන නැතිකරන්නට මහජනතාව සම්පුර්ණ දායකත්වය ලබාදිය යුතුයැයි අරගලයේ ඉදිරි පියවර පැහැදිළි කිරීම සඳහා වත්තල දී පැවැති ජනතා හමුවකදි ළහිරු වීරසේකර ප්‍රකාශ කළේය.