වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල – කන්තලේ ආර් .ජි .ධර්මදාස
බැංකුකින් ණයක් ලබා ගැනීම හරියට කණ කස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා හා සමානය.ණයක් ගන්න ගියාම බැංකුවෙන් ඒක දෙන්න නෙවෙයි ප්‍රශ්න අහන්නේ නොදී ඉන්නයි කියලා බොහෝ අය පවසන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ණයක් ලබා ගැනීම ඒ තරම්ම අමාරු බැවිනි.ණය අනුමත කරන්නට බැංකු කරුවන් ඉල්ලන ලියකියවිලි කන්දරාව සපුරා ගැනීමට හැකි වන්නේ සුළු පිරිසකට පමණි.රජයේ සේවයේ නියුක්ත ඇප කරුවන් සොයා ගැනීම ඊටත් වඩා අසීරුය. බැංකු වලින් විධිමත් ලෙස ණයක් ගැනීමේදී මුහුණ දීමට සිදුවන අපහසුතා නිසාම ජනතාව වෙත ගොස් ඔවුන්ට ණය ලබාදීමේ ව්‍යාපාර ආරම්භ විය. ආදායම් විස්තර,ඇපකරුවන් ආදි කිසිවක් නොමැතිව මෙලෙස ලබාදෙන ණය ලබා ගැනීමට විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව ආකර්ෂණය වූයේ අද ඉල්ලන ණය මුදල හෙට ගෙදරටම ගෙනවිත් දෙන්නට තරම් එම ව්‍යාපාරිකයින් කාරුණික වීම නිසා ය. මේ ආකාරයෙන් 2002 වසරේදී ආරම්භ වුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය රට පුරා ප්‍රචලිත වූයේ ඒවා ක්‍රියාත්මක කරන්නන්ගේ යටි අරමුණු පිළිබඳ කිසිදු අවබෝධයක් ජනතාව තුළ නොතිබූ පසුබිමක් තුළය.
ණය ගෙවා ගැනීමට නොහැකිව කාන්තාවන් 200 ක් සියදිවි හානි කරගෙන …..
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් ලක්ෂ 24 කට වැඩි සංඛ්‍යාවක් අධික පොලී අය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇතැයි වර්ෂ 2019 මාර්තු මස ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ ණය සහන හා මානව හිමිකම් වාර්තාව පෙන්වා දෙයි.එක්සත් ජාතින්ගේ ණය සහන මණ්ඩලයේ නියෝජිතයා වූ පැම්ලෝ තම වාර්තාව මානව හිමිකම් කවුන්සීලයේ 40 වන සැසිවාරයේදි ඉදිරිපත් කරමින් නිර්දේශ කළේ රජය විසින් දැඩි ශකිත්මත් නියාමන රාමුවක් සකසන තෙක් ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි. අදාළ වාර්තාවට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගන්නට නොහැකිව මෙරට කාන්තාවන් 200 දෙනෙකු පමණ සියදිවි හානි කරගෙන අත. ණය තුළ සිරවීමේ ප්‍රතිපලයක් ලෙස පවුල් ආරවුල් , ඉඩකඩම් අහිමිවීම් ඇතුළු ප්‍රශ්න ගණනාවක් මේ සඳහා බලපා තිබේ.
ණය ගත් පිරිසෙන් 84 % ක් කාන්තාවන්…
ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාත්මක වන්නේ දිළිඳු හා යුද්ධයෙන් බැට කෑ ජනයා සූරාකෑමේ ණය උගුලක් ලෙස යැයි පැම්ලෝ වාර්තාව මගින් පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව 2017 හා 2018 වසර වල ක්ෂද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස විසිඅට ලක්ෂ අනූ අටදහස් දෙසිය තිස් තුනික.(2898233). එයින් විසිහතර පක්ෂ තිස් නව දහස් එකසිය අසූ හත දෙනෙකුම (2439187) කාන්තාවන්ය. එය ප්‍රතිශතයක් ලෙස 84% කි.
මාසික පොළය 35 % ක්….
වසර තුනක පමණ කාලයක් තිස්සේ මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණ්‍ය ව්‍යාපාරය සම්බන්ධව පර්යේෂණ කරමින් තොරතුරු ඒකාරාශි කළ ජාතික සහයෝගිතා පදනමේ (NC D F) සභාපති සුරංග රූපසිංහ මහතා මෙසේ පැවසුවේය.විශේෂයෙන්ම ත්‍රීකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්ක පහේ ක්ෂද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවක් ලක්ෂ තුනකගේ පමණ ප්‍රශ්න වලට මම සවන් දී තිබෙනවා. ඇත්තටම මේක සැළසුම් සහගත කොල්ලයක්. මාසික පොළිය 35 % යි. ගිවිසුම්පත් හදන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ගම්බද කාන්තාවන්ට මේ පිළිබඳව දැනුමක් නැහැ..ගිවිසුමේ පිටපතක් ණය කරුවන්ට දෙන්නේ නැහැ. වාරිකයක් ප්‍රමාද වුනොත් දඩ පොළියක් අයකරනවා.සිහි කැඳවීම් ලිපියකට රුපියල් දාහත් දෙදෙහාත් අතර මුදලක් අය කරනවා. ණය වාරික එකතු කරන්නාගේ ගමන්ගාස්තුව ණය කරුවා ගෙවිය යුතුයි. අන්තිමට මේ අයවීම් සියල්ලටම වැල් පොලියකුත් හැදෙනවා. ක්ෂද්‍ර මූල්‍ය ණය පනතේ මේ කිසිවක් අඩංගු නැතත් ණය ලබදෙන ආයතනය සහ ණය කරුවා අතර අත්සන් තැබෙන ගිවිසුමේ මේ කරුණු සඳහන් කරනවා.ණය ලබාගන්නා පුද්ගලයා මේ සෑම වගන්තියකටම එකඟ වන බවට අත්සන් කරන්නේ කිසියක් නොදැනයි.ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න වගකීමක් තිබෙන නමුත් ඔවුන් ඒක නිසි ලෙස කරන්නේ නැහැ. ඇත්තටම ඒක අක්‍රීය ආයතනයක්. ණය උගුලට හිරවුන කාන්තාවන් පිරිසක් කැටුව මාස කීපයකට කළින් ගිහින් ශ්‍රී ලංකා මහා බැංකුවට පැමිණිල්ලක් කළා. එතනන් විසඳුමක් නැති නිසා පසුව මානව හිමිකම් කොමිසමට පැමිණිළි කළා. වින්දිතයින්ට නීති සහන නොමිලේ ලබා දීමත් කරනවා. මේ ගැටලුව පිළිබඳව සංවේදීව කටයුතු කරන නීතිඥයින් පිරිසක් වගේම ක්ෂද්‍ර මුල්‍ය ණය අයතන රකින නීතිඥ ප්‍රජාවකුත් අපේ රටේ ඉන්නවා.
ශ්‍රී ලංකාවේ සෑම නගරයකම පාහේ ක්ෂද්‍ර මූල්‍ය ණය දෙන ආයතන සිය කාර්යාල පවත්වාගෙන යයි. ගම් වැසියන් මෙම කාර්යාල හදුන්වන්නේ බැංකු හැටියටය. එක් එක් ආයතනවල නියෝජිතයින් ගම්මාන වලට ගොස් කාන්තා සමිති පිහිටුවා කණ්ඩායම් ණය ලබාදෙන අතර ඉඩකඩම් සහ රන් අභරණ ඇපයට තබාගෙන රුපියල් ලක්ෂ ගණනින් ණය නිකුත් කිරීම කාර්යාල නොහොත් බැංකු මඟින් සිදු කරයි.
වාරිකයක් අතපසු වුණා කියලා ඉඩම ලියාගන්න උත්සහ කරනවා….
කන්තලේ තල්ගස්වැව පදිංචි ජී .එම් . ශ්‍රීයාවතී පදිංචි ඉඩමේ ඔප්පුව ඇපයට තබා ගොවිතැන් කටයුතු සඳහා රුපියල් ලක්ෂ හතරක ණයක් ලබාගෙන ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනයකිනි. අවුරුදු හතරකින් ගෙවා නිම කරන පොරොන්දුව ලබාගත් ණය මුදලෙන් රුපියල් 217000 ක් මේවන විට ගෙවා අවසන් බව ඇය තමන් අද පත්ව සිටින තත්ත්වය මෙසේ විස්තර කළාය.කොරෝනා වසංගතය සහ පොහොර ගැටලුව නිසා මට වාරික කීපයක් ගෙවාගන්න බැරිවුනා.දැන් ඒ ආයතනය මට කියනවා තවත් පන්ලක්ෂ අසූදාහක් ගෙවන්නලු.නැතිනම් ඉඩමෙන් කොටසක් ලියාගන්නා බවට බලපෑම් කරනවා.
පී. ජී. නිලූකා කුමාරී මෙසේ ප්‍රකාශ කළාය.මම මගේ මාලේ උකස් කරලා දෙලක්ෂ දස දහසක ණයක් ගත්තා. ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවලා රත්තරන් බඩු ටික බේරා ගැනීමට ගියාම වාරික කීපයක් ප්‍රමාද කළ නිසා මාලේ වෙන්දේසි කළා කිව්වා.
කන්තලේ ජයන්ති ගම පදිංචි අහිංසා ගිම්හානී සිය අත්දැකීම මෙසේ විස්තර කළාය. සැමියා සහ දරු දෙදෙනා සමඟ ටකරන් තහඩු කීපයක් රුකුල්ලාගත් පැල්පතක අපි ජීවත් වෙන්නේ.මමත් ඉතින් මේ ගමේ හැම ගැහැණියක්ම වගේ ණය කාරියක්.කෙහෙන් කියලා ගෙවන්නද කියලා මට තේරෙන්නේ නැහැ.
ලංකාව පුරා ආයතන 10000 ක්….
නෙළුම් පදනමේ රාධිකා ගුණසේකර මහත්මිය මෙසේ පැවසුවාය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන උතුරු නැගෙනහිර පළාත් දෙක ගොදුරු බිමක් කරගත්තේ යුද්ධය අවසන්වීමන් පසුවයි. මෙම පළාත් දෙකේ වෙසෙන වැන්දඹු සහ දිළඳු පවල් වල කාන්තාවන් ලක්ෂයකට වඩා ක්ෂදු මූල්‍ය ණය උගුලේ සිරවී සිටිනවා. මෙවැනි ආයතන දසදහසක් පමණ ලංකාව පුරා ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ මේවායින් තුන හතරක් පමණයි.
ණය ව්‍යාපාර වල දේශපාලනඥයිනුත් ඉන්නවා….
අවසන් ගොදුර දරුවන්…
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ගැනීම ඔස්සේ මතුවූ ගැටලු නිසා ඇතැම් පවුල් කැඩි ඉහිරී ගොස් තිබේ. ණය එකතු කරන්නට පැමිණෙන ඇතැම් පුද්ගලයින් නොයෙක් අන්දමින් බලපෑම් කර අවසානයේ කාන්තාවන් හා අනියම් සබඳකම් ඇතිකර ගැනීමේ අතුරු ප්‍රතිපලය වන්නේ දරුවන්ට මව් සෙනෙහස අහිමි වීමය. නැතහොත් පියා පවුල අතහැර යාමය. මේ සියල්ලේ අවසන් ගොදුර වන්නේ දරුවන්ය.