අද ලෝක ළමා දිනය – ළමුන් ආරක්‍ෂාකරන්න ජාතික ප්‍රතිපත්තියක් නැහැ – මෙලනි මානෙල් පෙරේරා

පරිවාස හා ළමා ආරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භකර දැනට වසර 65ක් ගතවී ඇති නමුත්, ළමුන්ගේ අයිතීවාසිකම් ආරක්‍ෂාකරන්නට විශ්ව ප්‍රඥ්ඥප්තියට අනුකූලව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාළ නීති සම්පාදනය කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව අනාවරණය වෙයි.
ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන පරිදි, විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් සඳහා 2019 මාර්තු මස 06 වෙනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණ ද එම ප්‍රතිපත්තිය මේ වසරේ (2022) මාර්තු මස 25 වන දින වන විටදීවත් ප්‍රමාණාත්මක ලෙස ක්‍රියාත්මක වී නොමැත.කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ආරක්‍ෂාව සහ අයිතින් වෙනුවෙන් නිවරැදිව පෙනී සිටින ජාතික මට්ටමේ වගකිව යුතු ආයාතනයක දැඩි අවශ්‍යතාවය මේ දිනවලදී ද මතුවෙමින් පවතියි.
2022 ලෝක ළමා දිනය සමරන අද දවස ආසන්නයේදිම, පාසැල් දෙකක විදුහල්පතිවරුන්ගෙන් අමානුෂික ලෙස ගුටි කෑ පාසැල් සිසුවියන් දෙදෙනෙකු ගැන ද වාර්ථා වෙයි.