වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ටත් ගිනි අවි – මහනුවර වාර්තාකරු
වන සතුන් ගෙන් වගාවන්ට සිදුවන හානි පාලනය කිරීම සඳහා අවශ්‍යය වුවහොත් ගොවීන්ට ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
රටේ ආහාර සුරක්ෂිතතාවත් ගොවි ජනතාවගේ ආරක්ෂාවත් ඇති කිරීම සඳහා වෙනත් විකල්ප නොමැති වුවහොත් මෙවැනි තීරණ ගැනීමට පසුබට නොවන බවද ඒ මහතා කීය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
වන සත්ත්ව හානි අවම කිරීම සඳහා විසඳුම් යෝජනාවලියක් සකස් කිරීම සඳහා කෘෂිකර්මාන්ත හා වනජීවි හා වන රක්ෂණ අමාත්‍යාංශ වල ලේකමවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
වන සතුන් නිසා හානිවන අස්වනු ප්‍රමාණය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදුකරන ලෙසද අදාළ කමිටුවට දැනුම් දී ඇතැයි ඇමැතිවරයා කීය.
විදේශ රටවල් මෙම ගැටලුව පාලනය කර තිබෙන්නේ කෙසේද යන්නත් අපේ පාරම්පරික ගොවීන් ඒ සඳහා උපයෝගි කරගෙන තිබෙන ක්‍රම මොනවාද යන්නත් සැලකිල්ලට ගෙන අදාළ යෝජනාවලිය සකස් කරන බවත් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් අමරවීර මහතා පැවසුවේය.
මෙම සියලු ප්රයත්න දැරීමෙන් පසුත් ගැටලුව තව දුරටත් පැවතියහොත් වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට ගිනි අවි ලබාදීමට සිදුවනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.