රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගමගෙන් ජනපතිට ප්‍රශංසා – මහනුවර වාර්තාකරු

ජනපති රනිල් වික්‍රමසිංහ රටේ සැබෑ ප්‍රශ්නය ජනතාවට වසන් නොකර ඔවුන්ට සත්‍යය තත්ත්වය පෙන්වා දෙමින් රට පාලනය කරන්නට උත්සහ කරන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
හිටපු ජනපතිවරා සැබෑ ප්‍රශ්නයේ බර ජනතාවට නොදී එම බර ආණ්ඩුව මත පටවාගෙන කටයුතු කරන්නට යෑමෙන් නොසිතූ අර්බුදයකට රට පත්වූ බවද ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙරේදා (28) මේ බව ප්‍රකාශ කළේය.
රටේ තිබෙන සියලු ප්‍රශ්න ජනතාව ඉදිරියේ හෙළිදරව් කරමින් අර්බුදයට විසඳුම් සොයන වත්මන් ජනපතිවරයා එහි ජනතාවට හිමි කොටස ඔවුන්ට බාරදීම පියවර ගෙන තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
ආර්ථික අර්බුදය ජනතාවට වසන්කර ප්‍රශ්නයට විසඳුම් සොයන්නට හිටපු ජනපතිවරයා අවංක උත්සහායක් ගත් බවත් අවාසනාවකට එතුමාගේ එම උත්සහය අසාර්ථක වූ බවත් අමුණුගම මහතා කීය.
රටේ සැබෑ ප්‍රශ්නය නොදැන සිටි ජනතාව හිටි හැටියේ මතුවූ ආර්ථික අර්බුදයත් සමඟ කැළඹීමකට පත්වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධූරය අත්හැරීමට සිදුවූ බවත් ඒ මහතා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *