රියදුරුට නින්ද ගොස් කෝච්චිය අයාලේ යයි – කොළඹ වාර්තාකරු

දුම්රියක් පැරණි ගොඩනැගිල්ලක් වෙත කඩාවැදී ඇති සිද්ධියක් දෙමටගොඩින් වාර්තා විය.
දෙමටගොඩ දුම්රිය අංගනයේ ධාවනය වූ අදාළ දුම්රිය එහි ගොඩනැගිල්ලකට කඩාවැදී බරපතළ අලාභහානි සිදුවී තිබේ.
අලුත්වැඩියා කටයුත්තක් සඳහා අංගනයට රැගෙන ආ දුම්රිය නතරකිරීමේ සීමාව ඉක්මවා යෑම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන එම පැරණි ගොඩනැගිල්ලට කඩාවැදී ඇත.
දුම්රිය රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි මේ පිලිබදව කල විමසීමකදී අනාවරණය විය
පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවය.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.