පූජනීය ස්ථාන වල විදුලි බිල සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් හෙට කරනවා ඇමති විදුර කියයි – මහනුවර වාර්තාකරු

පූජනීය ස්ථාන වල විදුලි බිල සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (28) විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා සමඟ සිදුකරන බව බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසයි.
පවතින ආර්ථික අර්බුදයේ කොටස් කරුවන් බවට අප සියලු දෙනා පත්ව අවසන් බවත් මේ නිසා විදුලිය සඳහා වැයවන මිල පාලනය කිරීම සඳහා විකල්ප ක්‍රම වෙත යොමුවිය යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවර හිඳගල විහාරස්ථානයේ පුරාණ බිතුසිතුවම් සංරක්ෂණ වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට අද (27) පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
සූර්ය බලශක්තිය යොදා ගනිමින් විහාරස්ථාන ඇතුළු පූජනීය ස්ථාන වල විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ලබන වසරේදී සියලු පූජනීය ස්ථාන වල මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඒ මහතා කීය.