නාමල් කියන්නේ මොකද්ද ? මහනුවර වාර්තාකරු

කැරලිකරුවන්ට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ පවා සහයෝගය ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කැරලිකරුවන් උත්සහ කළ අවස්ථාවේ එම පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ සිටි බව සියලු දෙනා දුටු බවද ඒ මහතා කීය.
මහනුවරදී  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ රටේ ජාතික ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු බවත් යම් ලෙසකින් කැරලිකරුවන් පැමිණ පාර්ලිමේන්තුව ඔවුන්ගේ තෝතැන්නක් බවට පත්කර ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදය වැලලී යන බවත් හෙතෙම අවධාරණය කළේය.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ජනපතිවරයාගේ වගකීම බවත් පාර්ලිමේන්තුව ඇතුළු ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කළාප ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.
මේ රටේ ආණ්ඩු පත්විය යුත්තේ කැරලිවලින් නොව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඔස්සේ බවද යම් පක්ෂයක් කැරැල්ලකින් ආණ්ඩු බලය ගැනීමට උත්සහ කරන්නේ නම් එය සාර්ථක නොවන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed