ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය යකඩ සපත්තුවෙන් පගා දමන්නට එපා , හර්ෂ ද සිල්වා — මෙලනි මානෙල් පෙරේරා


ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන්නට රජය සුදානමි බවත්, තමන්ගේ විරෝධතා දක්වන්නට ජනතාවට ව්‍යවස්ථාවෙන් අයිතියක් තිබෙන බව විදේශ කටයු අමාත්‍ය අලි සබ්බ්‍රි නිව්යෝක් සිට එක්සත් ජාතින් හමුවේ ප්‍රකාශ කළද, එදින ම කොළඹදී විරෝධතා දැක්වු 84 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කිහිප දෙනෙකුට ම පහරදී දෙදෙනෙකුගේ තත්ත්වය අසීරු වු බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
එහෙත් මේ මර්ධනකාරි තත්ත්වය  වහා වෙනස්විය යුතු බව පවසන හිටපු මුදල් ඇමතිවරයෙකු වන හර්ෂ ද සිල්වා, ජනාධිපතිවරයා අපේක්‍ෂාකරන ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදුකරන්නට නමි, ජනතාව තමන්ගේ පැත්තට නම්වා ගතයුතු බවත් ජනතාවට ඇත්ත ප්‍රකාශකර ජනතාවටත් දරාගන්නට හැකි ආකාරයේ බරක් යොදවා ආර්ථීක ප්‍රතිසංස්කරණ කළ යුතු යැයි මාධ්‍යට අදහස් දක්වමින් කීවේය.


එසේ නැතිව, අධිආරක්‍ෂිත කලාප දාලා , ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඩී ඕ ගහලා , අඳුරු කාමරවල දලා , වද දීලා, බය කරලා මේවා කරන්න බැහැ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය යකඩ සපත්තුවෙන් කුඩුකරන්න එපා. විනාශ කරන්න එපා කියලා අපි රනිල් වික්‍රමසිංහ ජනාධීපතිතුමාට කියනවා. යැයි ඔහු ප්‍රකාශ කළේය.
එමෙන් ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔහු ඉතා හොඳින් රනිල් වික්‍රමසිංහව දන්නා බවත් රට තුළ මෙවැනි වාතාවරණයක් ගොඩනගන්නට ඔහුට කිසිම අවශ්‍යතාවයක් නොතිබුණු බවත් ඔහුගේ හිතට එකගව මෙවැනි දේ ක්‍රියාත්මක කරනවා යන්න සිදුවිය නොහැකි බවත්ය.යලිත් අරගලයක් ඇති වුවහොත් ඔහුට ද ගෙදර යෑමට සිදුවෙනු ඇතැයි සිතා එය සිදුවීමට පෙර අරගලය නැවැත්වීම යහපත් යැයි රනිල් වික්‍රමසිංහ සිතුවා විය හැකි යැයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *