හදිසියේ ම කොළඹ දිස්ත්‍රික්කය තුළ අධි ආරක්ෂිත කලාප කිහිපයක් – මෙලනි මානෙල් පෙරේරා

අද දිනදී – සැප් 24 දා කොළඹ දී පාගමනක් සහ රැළියක් පවත්වන්නට සැළසුම්කර තිබියදී, රටේ ජනාධීපතිවරයා විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධි ආරක්ෂක කලාප කිහිපයක් නම්කරයි. නම්කර ඇති ස්ථාන හා ප්‍රදේශ සම්බන්ධයෙන් මෙන් ම ඔහුගේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ඇතැම් ජනතාවගේ උපහාසාත්මක විවේචනයට ලක්වෙමින් සිටියි.

වර්ථමානයේදි රටේ පවතින සමාජ ආර්ථීක දේශපාලන අර්බුධවලට විසඳුම් ඉල්ලා සිටිමින් අද දිනදී – සැප් 24 දා කොළඹ දී පාගමනක් සහ රැළියක් පවත්වන්නට සැළසුම්කර තිබියදී, හදිසියේ ම එම ස්ථාන ආශ්‍රිතව ම අධිආරක්ෂිත කලාප ලෙසට නම්කිරිම කොතෙක් ප්රජාතන්ත්රවාදී දැයි ඇතැම් පිරිස් අදහස් දක්වති.
ගැසට් නිවේදනයට අනුව, පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය-කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය-කොළඹ සහ නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය සහ කොළඹ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අකුරේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය කාර්යාලය (මල් පාර) සහ අරලියගහ මන්දිරය (කොල්ලුපිටිය) සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස. හමුදා අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.
වසර ගණනාවකට පසු ව මෙසේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කර ඇත. 

ගැසට් නිවේදනයට අනුව, බස්නාහිර පළාත භාර පොලිස්පතිවරයාගේ හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබා නොගන්නේ නම් කිසිඳු පුද්ගලයෙකුට, අධි ආරක්ෂිත කලාප තුළ පිහිටි ප්‍රදේශයක, මාර්ගයක, භූමියක, වෙරළක හෝ වෙනත් විවෘත ස්ථානයක මහජන රැස්වීමක් හෝ පෙළපාළියක් පැවැත්වීමට හෝ පැවැත්වීමට අවසර නැත.