රටේ හැම භාණ්ඩයකම මිල ඉහල යනවිට වී වල විතරක් මිල පහල යනවා- නාමල් කරුණාරත්ත කියයි – නුවර එළිය චන්දන සිල්වා

රටේ හැම භාණ්යකම මිල ඉහළ යනවිට වී වල පමණක් මිල පහත බසින බවත්, තුට්ටු දෙකට ගොවියන්ගෙන් වී මිලදී ගෙන ගිණි ගන්වලට පාරිභෝගිකයාට හාල් විකුණන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

කොත්මලේ මැතිවරණ කොට්ඨාශයේ නියම්ගම්දොර ජාතික ජන බලවේගයේ කොට්ඨාශ සභාව පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (22) එක් වෙමින් ඒ  මහතා එසේ කීය. එහෙදී තවදුරටත් අදහස් දක්වමින් කරුණාරත්න මහතා මෙසේද පැවැසීය.

හැම භාණ්ඩයකම මිල ඉතාමත් වේගයෙන් ඉහළ  යන අවස්ථාවක අද මේ රටේ ප්‍රධානතම ගොවියාගේ නිෂ්පාදනය වන වී වලට අද මොකද වෙලා තියෙන්නේ. රටේ භාණ්ඩ හිගයක් එනවා කියලා සාකච්ඡා වෙනවා. කන්න නැහැ කියලා සාකච්ඡා වෙනවා. හැම භාණ්ඩයකම මිල වේගයෙන් ඉහල යද්දී වී වල විතරක් මිල පහලට යනවා. එහෙනම් එහෙම වෙන්නේ කොහොමද. දැන් ආණ්ඩුව කිව්වා වී මෙට්ට්‍රික් ටොන් තුනකට වැඩිය වී මිලදී ගන්නවා කිව්වා. ගබඩා ඇරියේ නැහැ. ගබඩා කීපයක් ඇරලා ආයේ ඒවා වහලා දැම්මා. ඒවා ඉබේම වැහෙන්න ඇරියා.

දැන් මහින්ද අමරවීර ඇමැතිවරයා කියනවා වී මිලදී ගන්න සල්ලි නැහැලු. බැංකු දෙකෙන් සල්ලි ඉල්ලුවාලු. සල්ලි දෙන්නේ නැහුලු ලැබෙයි කියලා බලාගෙන ඉන්නවලු. ඒ බැංකු හසුරුවන්නේ මහා පරිමාණ මෝල් හිමියෝලු. එහෙනම් මොකටද ආණ්ඩුවක්. දැන් මේ රටේ හාල් මාෆියාව කරන අයද රට පාලනය කරන්නේ. රටේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. බහ බැංකුව, භාණ්ඩාගරය ඇතුළු මේ සියල්ලම භාරව ඉන්නේ රටේ ජනාධිපතිවරයා. එහෙමනම් ජනාධිපතිවරයාට බැරිද මේකට තීන්දුවක් ගන්න. එහෙනම් මේ මොකක්ද කරන්නේ. වෙන මොකවත් නෙවෙයි ආණ්ඩුව වී මිල දී ගන්නේ නැහැ.

සමහර ගොවියන්ගෙන් වී කිලෝව රුපියල් 80 ට 90 ට වැනි තුට්ටු දෙකට ඉල්ලනවා. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ගොවියාගේ මහන්සියත් එක්ක රුපියල් 150 කට වඩා මුදලක් වැය වෙනවා. මේ වනවිට ගොවියාගේ වී ටික මෝල් හිමියන් තුට්ටු දෙකට ගොඩ ගහ ගන්නවා. ගොවියාගේ වී ටික ඉවර උනාට පස්සේ මේ ගොල්ලෝ වී මිල උස්සනවා. ඊට පස්සේ ඒකට ගැලැපෙන විදිහට හාල් වල මිල උස්සනවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුව සතුව වී සංචිත ඇත්තේ නැහැ. මේ දොගොල්ල එකතු වෙලා මෙතෙන කරන්නේ පැහැදිලිවම ගසා කෑමක් යයිද ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed