එක්සප්‍රස් පර්ල් : ප්‍රගතිය නොවැම්බරයට – මෙලනි මානෙල් පෙරේරා

2021 මැයි මස ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගත් එක්සප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 23 වැනිදා, ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට ඊයේ – සැප් 22, නියෝග කළේය.

යාත්‍රාව සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අදාළ පරීක්ෂණ අවසන් අදියරේ පවතින බැවින් අදාළ වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
 
ඒ අනුව නඩුව යළි කැඳවන නොවැම්බර් 23 වැනිදා අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. 

එක්ස්ප්‍රස් පර්ල් ගිනිගත්තේ 2021 මැයි 20 වන දින දී කොළඹ වෙරළට ඔබ්බෙනි. යාත්‍රාව මැයි 27 වන විට සම්පූර්ණයෙන් ම ගින්නෙන් වැසී ගිය අතර , මැයි 27 වන දින අගභාගය වන විට ශ්‍රී ලංකා ගිනි නිවන භටයින් විසින් ගින්න පාලනය කරනු ලැබුණි. සම්පූර්ණ අලාභයක් ප්‍රකාශයට පත් කරන ලදී. පසුව, ජූනි 2 වන දින, ගිනි ගත් නෞවකාව ගැඹුරු ජලයට ඇදගෙන යමින් සිටියදී ගිලී ගියේය.

රසායනික නිෂ්පාදන පිටාර ගැලීම, එම නිසා සාගර ජීවින්ට හා පැලෑටිවලට බලපෑම් එල්ලවීම හා ඒවා විනාශවීම මෙන් ම බස්නාහිර මුහුදු තීරයේ ධීවර  ජනතාවගේ ජීවනෝපායට දරුනු පහරක් එල්ලවීම හේතුවෙන් මෙම සිද්ධිය, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය ලෙස සලකනු ලැබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *