ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඊයේ කොළඹ දී විරෝධය -‍ මෙලනි මානෙල් පෙරේරා

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න” යන තේමාව ඔස්සේ ජංගම අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය ඊයේ – සැප් 22 කන්කසන්තුරේ සිට කොළඹ ගාලු මුවදොර දක්වා ළඟා වූ අතර,  ප්‍රදේශයේ පුරා දැඩි පොලිස් බලකායක් යොදවා තිබුණි. යළි ගෝල්ෆේස් පිටිය ඒ ආකාරයෙන් ජනගත වීම පිළිබඳව පොලීසියට ප්‍රශ්නයක් වු අතර එම ස්ථානයට රැස්වීමේ අරමුණ පිළිබඳව පොලීසිය සහ සංවිධායකයින් අතර වාදයක් ඇතිවිය.


වීඩියෝ දර්ශනවලට අනුව ප්‍රදේශය අවට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබූ අතර එක් පොලිස් නිලධාරියකු සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමඟ වාදයක් ඇතිකරගන්නා අයුරු දැකගත හැකි විය. “පැමිණ සිටින සෙනග නිසා ගැටුමක්” ඇති විය හැකි බව පොලිස් නිලධාරියා පිරිසට පවසමින් සිටි අතර සුමන්තිරන් සහ රාසමණික්කම් මන්ත්‍රීවරු එවැනි ගැටුමක් ඇති නොවන බවට සහතික විය.
 
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් කියා සිටියේ රජය විසින් තමන්ට එරෙහි පුද්ගලයන්ගෙන් සහ කණ්ඩායම්වලින් පළිගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සෑම දේශපාලන පක්‍ෂයක් සහ සිවිල් හා දේශපාලන සංවිධානයක්ම පාහේ අත්වැල් බැඳගෙන සිටින බවද ඔහු පැවසීය.
“ජනතා විමුක්ති පෙරමුණ, පෙසප, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් මෙම වාහනයේ රැගෙන ගිය පෙත්සමට අත්සන් කර තිබෙනවා. ” යැයි ඔහු කීවේය.
 
පවතින ප්‍රශ්න විසඳාගත නොහැකි නිසා ආණ්ඩුව පාරට බසින ජනතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් මර්දනය කරන බව අපි දීර්ඝ කාලයක සිට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. යැයි ද ඔහු කීවේය.
 
“අපි කියපු දේ දැන් ඇත්ත වෙලා” යැයි පැවසූ මන්ත්‍රිවරයා, ජනතා අරගලයේ නිරත වූයේ ත්‍රස්තවාදීන් නොවන බවත්, ඔවුන් සියලු දෙනාම හඬ නැගුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දූෂිත රාජපක්ෂ පාලනයට එරෙහිව බවත්යි ඔහු පැවසීය. 
දෙමළ ජාතික සන්ධානයේ (TNA) තරුණ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම ගාලුමුවදොර රැස්වීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් සහ ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානිකම්, සමගි ජන බලවේගයේ (SJB) විපක්ෂ මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක සහ SJB පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, SJB සාමාජිකාව සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්. , සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහභාගි වුහ.

මීට අමතරව, වෘත්තීය සමිති (TUs) සහ සිවිල් සහ දේශපාලන සංවිධාන ගණනාවක් ද පැමිණ සිටි අතර, ඔවුන් සියලු දෙනා රජයෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) ඉවත් කර අත්තනෝමතික ලෙස රඳවා සිටින සියලුම සිරකරුවන් නිදහස් කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *