ශ්‍රී ලංකාව රටක් ලෙස බිඳ වැටී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි – මෙලනි මානෙල් පෙරේරා

මේ වනවිට, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට 2048 වසර දක්වා වසර 25ක කාලයක් අවශ්‍ය වනු ඇති බව ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.
 
එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ පැවති හමුවකදී ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙලෙස අදහස් පළ කළ බව මාධ්‍ය වාර්තා කරයි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර ඇත්තේ , ” “රටක් ලෙස අප සියල්ලන්ම බිඳ වැටී ඇති බව රහසක් නොවේ. අපි අපේ බූට්ස්ට්‍රැප් එකෙන් අපිව උඩට අදින්න ඕනේ. අපි දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් තිබෙනවා. ඉන්දියාව, චීනය සහ ජපානය සමඟත් පෞද්ගලික ණය හිමියන් සමඟත් කතා කළ යුතුයි. අපි අපේ ණය ප්‍රශ්න දිහා බලන අතරේ අපි ගත්ත ණය ගෙවන්නත් වෙනවා. ඒ කියන්නේ අපිට දැන් ඉඳන් 2048 දක්වා අවුරුදු 25ක් අවශ්‍යයි. එතකොට අපි 100 වෙනවා, ඒ වෙද්දී සමෘද්ධිමත් සමාජයක් බිහිවෙනවා” යැයි ජනාධිපතිතුමා පැවසීය.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් පසුගියදා සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර, එහිදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ද එළඹ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *