සාමාන්‍ය මිනිසුන්ට බනිස් ගෙඩියක්වත් ගන්න බැරි රටක් – මෙලනි මානෙල් පෙරේරා

රටකරවන පිරිස අඩුපාඩුවක් නැතිව කා බී හොඳින් ජීවත්වන නමුත් ඔවුන්ව එවැනි තැන්වලට යැවු සමස්ත ජනතාව අද තුන්වේල කන්න නැතිව ජීවත්වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රධානි අසේල සම්පත් ප්‍රකාශ කරයි.

අවම වශයෙන් දරුවෙකුට බනිස් ගෙඩියක් අරංදිය නොහැකි තරම් වු දුක්ඛිත තත්ත්වයකට පත්වී සිටින බව මැති ඇමතිවරුන්ටවත් වගකිව යුතු පාර්ශවයන්ටත් තේරෙන්නේ නැති බව සඳහන් කළ අසේල සම්පත්, ඔවුන් සිතන්නේ කෙසේහෝ මිනිස්සු එක වේලක් පමණක් කා ජීවත්වීම ප්‍රමාණවත් කියා යැයි පැවසීය.

පෝෂ්‍යදායි ආහාර නොමැතිව රජයේ සේවකයින් ආකාර්්‍යක්‍ෂමතාවක් පෙන්නුම් කරන බව සඳහන් කරන් අසේල සම්පත් වැඩිහිටියන් මෙන් ම ඔවුන්ගේ දරුවන් ද ආහාර නොමැතිව සිහිසුන්ව ඇදවැටෙන බව පෙන්වා දුණි. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජය පොරොන්දු වූ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ජනතාවට සහන ලැබෙන්නේ ඔවුන්ගේ මරණයෙන් පසුව බවයි.

“මිනිසුන් ජීවතුන් අතර ඉන්නැද්දි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍යකරන සහන ලබා දෙන්නේ නැහැ. මිනිස්සු මැරිලා ඔවුන්ගේ හත්දොහේ දානේ නැතිනම් මාස තුනේ දානයේදී තමයි සහන ලැබෙන්නේ.” යැයි  ප්‍රධානී අසේල සම්පත් මහතා කීවේය.
 
දේශපාලකයන්ගේ පොරොන්දු නිසා මේ රට මෙතරම් කාලකණ්ණි තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙමින් AICOA  ප්‍රධානි අසේල සම්පත්, කඩිනමින් ආණ්ඩුව විසුරුවා හැර ජනතාවට සහන සැලසීමට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *