හන්තානේ කාන්තාවක් පොලිසිය සුරලා ‘මහනුවර වාර්තාකරු

police back

ජංගම දුරකතනයක් සොරාගත් බවට ලද පැමිණිල්ලක් මත මහනුවර සිට හන්තාන දක්වා මහනුවර ඔරලෝසු කණුව අසළින් ගමන් ආරම්භ කරන බස් රථයේ සිටි කාන්තාවකගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරියකට පහරදී නියවලින් සූරා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාව සහ තවත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 18 දින වූ මෙම සිද්ධියෙන් තුවාල ලද පොලිස් කොස්තාපල්වරිය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (20) ඇය සුවය ලැබ රෝහලින් පිටව ගොස් ඇත.
රුපියල් 10000 ක පමණ වටිනාකමින් යුත් තම ජංගම දුරකතනය සොරාගත් බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ඇය විසින් ලබාදුන් තොරතුරු මත කාන්තා පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් හන්තාන බස් රථය පරීක්ෂාවට ලක්කර තිබේ.
එම අවස්ථාවේ අදාළ කාන්තාව ඇයගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමට අවසර නොදෙමින් පොලිස් රාජකාරියට බාධා සිදුකරමින් පොලිස් කොස්තාපල්වරියට පහර දී ඇත.
එහි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට ද එම කාන්තාව පහර දී තිබෙන පොලීසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචි කාන්තාව සහ අනෙක් පුද්ගලයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කළ අවස්ථාවේ ඇපමත මුදාහැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *