“සූර්ය බලශක්තිය” ගැන ඇමතිගෙන් අලුත් යෝජනාවක් – මෙලනි මානෙල් පෙරේරා

 

මෑතකාලීන විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් පසු පාසල් සහ රෝහල් ඇතුළු රජයේ ආයතන කිහිපයක් සූර්ය බලශක්තිය බවට පත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් , දැනටමත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා , අද  සැප්තැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය. 
 
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මෙම අවස්ථාවේදි අදහස් දක්වමින්      මින් පාර්ලිමේන්තුවේ වියදම් කපා හැරීම සඳහා පාර්ලිමේන්තුව සූර්ය බලශක්තියට පරිවර්තනය කළ හැකිදැයි විමසා සිටියේය.

මන්ද, “ලංකාවේ පාර්ලිමේන්තුව විදුලිය සඳහා මසකට රුපියල් ලක්ෂ 8ක් ගෙවනවා”, මන්ත්‍රීවරයා පැවසීය.

“පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි, රෝහල් ගණනාවක් ඇතුළු රාජ්‍ය ආයතන රැසක සූර්ය කෝෂ සවිකිරීම අපි ආරම්භ කරලා තිබෙනවා. මේ වසර අවසන් වන විට මෙය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය කාංචන විජේසේකර මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

රජයේ පාසල්වලට සූර්ය පැනල භාවිතයෙන් විදුලිය ලබා දීමේ ව්‍යාපෘතියක් සඳහා ද කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා පැවසීය.
 
වසර අටක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකාව විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමුවේ රටේ මුදල් අර්බුදයක් හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට ඉන්ධන සැපයීමට බාධා ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසරේ මුල් භාගයේදී පැය 10 කට අධික කාලයක් විදුලිය විසන්ධි විය. දෛනික විදුලි කප්පාදුව දැන් කාලසීමාව අඩු වී ඇති නමුත් තවමත් පවතී.
 
රජයට ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 100 ක පරිත්‍යාගයෙන් මෙගාවොට් 10 ක පාවෙන සූර්ය පැනල දෙකක් මිලදී ගැනීමට රාජ්‍ය ලංකා විදුලිබල මණ්ඩලය :ක්‍ෑඊ* කටයුතු කරමින් සිටින බව ද පැවසු අමාත්‍යවරයා, අඩු ආදායම්ලාභී පවුල්වලට සහ ආගමික ස්ථානවලට පාවෙන පැනල් භාවිතයෙන් විදුලිය ලබාදීමට ද අපේක්‍ෂා කරන බව පැවසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *