විදුලි බිලට විරෝධය පා පෝයට පන්සල් කළු කරයිද? – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ඇතුළු පූජනීය ස්ථානවල විදුලි බිල 555% කින් ඉහළ දැමීමට විරෝධය පළ කරමින් එළඹෙන වප් පුර පසළොස්වක පොහොය දිනයේදී දිවයින පුරා පිහිටි බෞද්ධ විහාරස්ථානවල විදුලි පහන්
නිවා විහාරස්ථාන අඳුරේ තබන ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාව (භික්ෂූ මණ්ඩලය) විසින් සැප්තැම්බර් 18 ඉරිදා විශේෂ රැස්වීමක් පවත්වමින් බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි ගාස්තු 555% කින් වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත.
රජය මේබ විධියට වැඩිකරලා තියෙන මේ විදුලි ගාස්තුව අපේ බොහෝ විහාරස්ථානවලට දන්න බැහැ යනුවෙන් ප්‍රකාශ කරමින් මෙම සාකච්ඡාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා රජයේ තීරණයට දැඩි විරෝධය පළ කර ඇත.
සාකච්ඡාවෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘ගිහි ජනතාව පැමිණ බෝධි පූජා වැනි පුද පූජා පවත්වන විට විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමිය හැක්කේ කෙසේදැයි’ භික්ෂූන් වහන්සේලා කියා සිටියේ ය.
එමෙන්ම, මෙම විදුලි බිල ඉහළ දැමීම, එළඹෙන කඨින සමය සහ වෙසක් සහ පොසොන් සමයේ විහාරස්ථාන අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක් ලෙස ද විය හැකි බවට ඔවුන් චෝදනා කළේය. විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකරගේ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් එළැඹෙන පොහොය දිනයේදී දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සියලු විදුලි පහන් නිවා විහාරස්ථාන අඳුරේ තබන ලෙස ඉල්ලා සිටින බවද හිමිවරු පැවසූහ.

රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පාන ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති මේ තීරණය ,රජය ආගමික ස්ථානවලට “දඬුවම්” කරන බවක් පෙනෙන්නට ඇතැයි ප්‍රකාශ කළහ.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ උදාහරණයක් ලෙස තවමත් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා 75 නමක් පමණ වැඩ සිටින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විදුලි ගාස්තුව රු. 60.000 සිට රු. 300,750 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඉතිං මෙය දඩුවමක් නොවෙයිද? යැයි විමසූහ.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ උදාහරණයක් ලෙස තවමත් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා 75 නමක් පමණ වැඩ සිටින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විදුලි ගාස්තුව රු. 60.000 සිට රු. 300,750 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඉතිං මෙය දඩුවමක් නොවෙයිද? යැයි විමසූහ.
“රජයේ මේ තීරණයට අපිට එකග වෙන්න බැහැ. අපිට කෙසෙවත් මේ විශාල ගෙවීම කරන්න බැහැ.” යනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝඅවධාරණය කළේය.