පිටරට සහල් , පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රකාශය – නිමල් කොළඹිස්ස – මහනුවර

වෙළඳ පොලේ සහල් තුළ පිළිකාකාරක අඩංගු බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මෙම වර්ෂය තුළදී පරීක්ෂණයක් පවත්වා නොමැති බව එහි වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර මහතා පවසයි.
මිනිස් පරිභෝජනයට අහිතකර සහල් වෙළඳ පොලේ පැවැතුණු බව මාධ්‍ය වාර්තා කොට තිබුණත් ඒ 2017 වර්ෂයේ දත්ත පදනම් කර ගත්තක් වන නමුත් වාර්තා කොට ඇත්තේ නිවරැදි නොවන අයුරින් යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා මේ සඳහන් කළේය.
සහල් තුළ අඩංගු වී ඇතැයි මාධ්‍ය වාර්තාවේ සඳහන් කොට ඇති ප්‍රතිශතාත්මක ප්‍රමාණය සියයට නොව දශලක්ෂයෙන් කොටස් වශයෙන් හැදින් විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා ලොව කිසිදු ආහාරයක මෙවැනි ඉහළ සංඝඨක අඩංගු නොවන බව ද පෙන්වා දුන්නේය. බැර ලෝහ ආදිය පවතින්නේ අංශුමය වශයෙන් වන බැවින් ඒවා ප්‍රතිශතාත්මකව විග්‍රහ කිරීමක් සිදු නොවන බව ද ඒ මහතා කීවේය.