අලි පැටවාගේ ඉරණම – මහනුවර වාර්තාකරු

හක්කා පටස් එකක් පුපුරා යෑමෙන් බරපතල තුවාල ලැබ මියගොස් සිටි වන අලි පැටවෙකුගේ සිරුරක් කීර්තිබණ්ඩාර පුර ලැමසූරිය ගම දේවගල ප්‍රදේශයට අයත් රන්දෙණිගල රක්ෂිත සීමාවේ තිබී වනජීවි නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව සොයාගත් වයස අවුරුදු 08 ක් පමණ මෙම වන අලියාගේ මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේදී ඊයේ (18) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.
හක්කා පටස් ඇටවූ අහාරයක් කෑමෙන් මුඛය ආශ්‍රිතව බරපතල තුවාල සිදුවූ අලියා මාසයක පමණ කාලයක් තුවාල වලින් පීඩා විඳ මෙයට සතියකට පමණ ඉහතදී මිය යන්නට ඇති බව වනජීවි නිලධාරින් සැකකරයි.
වන සතුන් දඩයම් කිරීමට හක්කා පටස් ඇටවූ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *