ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අපට එපා ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය කියයි – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය (CSM) ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දැඩි ලෙස හෙළා දකින අතර, එම පනත වහාම හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටියි.
වර්තමානයේදි රටේ ජනතාවගේ දුක් පීඩාව ගැන හෙළිදරව් කරන්නේ ජනතාව විසින් පාර්ලිමේන්තු යැවූ මහජන නියෝජිතයින් නොව, තරුණ අරගලකරුවන් බවත් එවැනි මහජන සේවාවක් ඉටුකරන තරුණ අරගලකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවත් එවැනි අමානුෂික මර්ධනයත් , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් , ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය විසින් දැඩිව හෙළාදකින බව පසුගියදා – සැප්තැම්බර් 12, කොළඹදී පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය.
සමාජය තුළ ඉස්මතු වුණු දරාගත නොහැකි පීඩනය වෙනුවෙන් පෙරට පැමිණ එවැනි මහජන සේවාවක් ඉටුකළ අරගලකරුවන් 3000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 1200ක් පමණ සිරගතකොට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 20දෙනෙකු පමණ දෙමළ තරුණයින් බවත් ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ සාමාජීක සරත් ඉද්දමල්ගොඩ පියතුමා මාධ්‍යට ප්‍රකාශ කළේය.
“බඩගින්න වැනි මුලික අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීම වරක්ද? විරෝධය පෑම ත්‍රස්තවාදි ක්‍රියාවක් ද?” යන්න තමන් ආණ්ඩුවෙන් අසන්නට කැමැති බව ද පියතුමා කීවේය.
පැවති ආර්ථීක සහ සමාජ දරිද්‍රතාවය දරාගැනීමට නොහැකි විට කිසිම මෙහෙයවීමකින් තොරව ස්වකීය කැමැත්තෙන් පැමිණි තරුණ පිරිස් ඒකරාශී විම තුළින් වත්මන් අරගලය නිර්මාණය වු බව සඳහන් කළ . ස. ව්‍යාපාරයේ රසිකා පීරිස් පැවිදි සොයුරිය, තරුණයින් අපේක්‍ෂා කළ ක්‍රමයේ වෙනස්වීම නොව තවත් ඇමති මණ්ඩල විශාල කරගනිමින් තිබු ක්‍රමය ම තව තවත් ශක්තිමත් කරගැනීමක් සහ සත්‍යට යුක්තියට පෙනී සිටින අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ඉතා අමානුෂික ලෙස මර්ධනය කරනු ලැබීමක් දිගින් දිගටම සිදුවෙමින් පවතින බව පෙන්වා දුණි.
මේ වන විට අරගලකරුවන් අත්අඩංගුවට ගෙන සළකන ආකාරය පිළිබඳව කිසිසේත් ම සෑහිමකට පත්වන්නට බැරි බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා පෞද්ගලීක පලිගැනීම් ක්‍රියාවට නංවන බවත් ප්‍රකාශ කළ රසිකා පීරිස් පැවිදි සොයුරිය , ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය රජයේ මෙම අමානුෂික ක්‍රියා පිළිවෙල පිළිකුලෙන් යුතුව හෙලාදකින බවත් තවදුරටත් PTA පනත භාවිතා කරමින් අරගලකරුවයන් අත්අඩංගුවට නොගන්නා ලෙසත් , මෙම PTA පනත වහාම හකුලාගන්නා ලෙසත් රජයට අවධාරණය කරන බව පැවසීය.
එමෙන්ම ඇය කියා සිටියේ “එදා උතුරේ දෙමළ සහෝදර සහෝදරියන්ට විඳින්නට සිදුවුණු දේ ම අද දකුණේ පොළොවෙත් සිදුවෙමින් පවතිනවා, නමුත් එය උතුරද දකුණ ද කියා වෙනසක් නොමැතිව පැහැදිළිවම මේ පනතට විරෝධය දක්වනවා.” යනුවෙනි.
“වතුකරයේ සහ බිම්මට්ටමෙි ජීවත්වන දරුවන්ගේ පෝෂණය ඉතාම පහළ මට්ටමක පවතින අවධියක, මන්දපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළගොස් තිබෙන අවධියක, රජය උත්සාහ කරනවා IMF යෝජනා තුළින් මේ දුප්පත් ජනතාව මෙල්ල කර සිරකරන්න. මේ ප්‍රශ්න ගැන කථාකරන අරගලකරුවන්ව වතුර , කදුලුගෑස් ගහලා මෙල්ල කරන්න. අත්අඩංගුවට ගන්න. නමුත් රජයේ මෙවැනි තුච්ච ක්‍රමවෙිදයන් නිසා තරුණයින් නැවත නැවත නැගිටිනවා මිසක් රජයට ඔවුන්ව මෙල්ලකරන්නට නොහැකි බව අපි රජයට මතක්කර දෙනවා.” යැයි ක්‍රි. ස. ව්‍යාපාරයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රැල්ස්ටන් වයිමන් ප්‍රකාශ කළේය.
එමෙන්ම, තරුණයින්ගේ දැවෙන ප්‍රශ්න හමුවේ එම පීඩනය වෙනුවෙන් ද රටෙ ජීවත්වන දුප්පතුන් වෙනුවෙන්ද ඔවුන් නැවත වරක් නැගී සිටිීම මේ රජයට නවත්වන්නට නොහැකි යැයි ඔහු අවධාරණය කළේය.
රජයකින් අපෙක්ෂිත විසඳුම් නොලැබෙන විට සංවේදි සිවිල් පුරවැසියන් විසින් ඒ හඩ සමාජගත කරන විට ඔවුන් ත්‍රස්තවාදීන් යැයි ලේබල් ගැසීම සාධාරණ දැයි විමසන රොහාන් සිල්වා පියතුමා ජනතාවගේ හඩ ගැන සංවේදි නැති එකී පුද්ගලයින් ද ත්‍රස්තවාදීන් සේ ලේබල් ගැසීම සුදුසු නැද්දැයි ප්‍රශ්න කළේය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපේ රටට අවශ්‍ය නැහැ. මෙය කරුණාකර හකුලා ගන්න. ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශකරන්නට තිබෙන සමිපූර්ණ අයිතිය ලබාදෙන්න කියන ඉල්ලීම මේ අවස්ථාවෙදි අපි ඉදිරිපත් කරනවා.” යැයි රොහාන් සිල්වා පියතුමා කීවේය.