“ලංකාවේ ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති අතර ඉන් ලක්ෂ 24 කාන්තාවන්,” නීතීඥ රදිකා ගුණරත්න

Reform Watch යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා ආන්තික ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු විසඳීම අරමුණු කරගත් වීඩියෝ සඟරා වැඩසටහනකි. ක්‍රියාකාරිනි සහ නීතීඥ රදිකා ගුණරත්න නව ව්‍යවස්ථාවකින් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධ ගැටලු විසඳිය හැකි ආකාරය Reform Watch කණ්ඩායමට පැහැදිලි කළා.
අර්බුද නිර්මාණය
ණය උගුලකට හසු වූ මිනිසුන් සියදිවි නසාගැනීම් ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක්. මෙම සංසිද්ධිය සඳහා විශාලතම දායක සාධකයක් වන්නේ ක්ෂුද්‍ර මූල්‍යකරණයයි . ආර්ථික අතින් දුර්වල මූල්‍ය සාක්ෂරතාවයක් නැති පුද්ගලයින්ට ඉහළ පොලී අනුපාතවලට ණයට මුදල් දෙන නියාමනය නොකළ, ණය දෙන ආයතන සහ මූල්‍ය ව්‍යාපාර ලාංකික ගැමි සමාජය තුළ පෙරනොවූ විරූ අර්බුද නිර්මාණය කර තිබෙනවා.
ක්ෂුද්‍ර මූල්‍ය උගුල
“මීට දශක කීපයකට පෙර ගොවීන් ගොවි ණය අරගෙන ගෙවාගන්න බැරුව සමහර ගොවියෝ වස බිව්වා. නමුත් තත්වය දැන් වෙනස් වෙලා මිනිස්සු දිවි නසා ගන්නේ පවුල් පිටින් මේ තත්වය අපි කවදාවත් අත්දැකලා නෑ” එවැනි සිදුවීම් දෙකක් උපුටා දක්වන රදිකා ගුණරත්න තවදුරටත් පවසන්නේ එක් අවස්ථාවක ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගන්න බැරුව යාපනයේ මවක් තම දරුවන් සමග ළිඳට පැනලා සියදිවි නසා ගන්නවා. වැලිකන්දේ ජීවත්වුණු පියෙක් දරුවන් දෙදෙනා සමඟ කොච්චියට පැනලා සියදිවි නසාන්නවා. රදිකා පවසන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල බලපෑම් හේතුවෙන් ණය ලබාගත් අයට ජීවිතය දරාගත නොහැකි තත්ත්වයකට පත්කර ඇති බවයි. “ඔවුන් ගම්වල ජීවිතය විනාශ කර තිබෙනවා,” ක්ෂුද්‍ර මූල්‍ය කියන්නේ අදවන විට දරිද්‍රතාවය වැඩි කරන උගුලක් මිස එය අඩු කරන යාත්‍රණයක් නෙවන බවයි.
නියාමනයට බලතල නෑ
අවාසනාවකට මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම ඉතාම අවම මට්ටමකයි පවතින්නේ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීමට මහ බැංකුවට ප්‍රමාණවත් බලතල සහ පහසුකම් නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකළ පරීක්ෂණයකදී හෙළි වූ බව රදිකා පවසනවා. මෙම ගැටලුව නිරාකරණයට රජය මැදිහත් වී සිටින්නේ ඉතාම අවම මට්ටමින් බවද ඇය සඳහන් කළා.
“2018 දී මම මේ කාරණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළ සිවිල් සංවිධාන කණ්ඩායම්වල මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, නිකුත් කරන ඕනෑම නව ණයක් සඳහා 35% උපරිම පොලී සීමාවක් රජය නියම කළා. නමුත් මේ නීතිය අභිබවා යමින් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් කළේ මොකක්ද පැරණි කොන්ත්‍රාත්තුම ඉහළ පොලී අනුපාත යටතේ අලුත් කිරීමයි, ”
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිතාමතාම දුප්පතුන් බිල්ලට ගෙන ඇති බවයි රාදිකා පවසන්නේ මේ නිසා ඔවුන් ණය උගුලකට කොටුවි හමාරයි. “ගෙවන්න බැරිනම් ඇයි ඔවුන් ණය ගත්තේ ඇයි කියලා ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්, නමුත් මම අහන්නේ “ගෙවන්න බැරිනම් ඇයි ඔවුන්ට ණය දුන්නේ”.
මුදල් ණයට දීමේ දී වෙනත් සාමණ්‍යයෙන් බැංකු විසින් සිදු කරන වැදගත්ම දෙය වන්නේ ණය ගැතියාට මෙම ණය මුදල් ආපසු ගෙවීමට ඇති හැකියාව තහවුරු කර ගැනීමයි. නමුත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මේ තක්සේරුව සිදු නොකරන බවයි ඇය ප්‍රකාශ කරන්නේ.
“බොහෝ විට අපි දකිනවා ඔවුන් පළමු ණයෙන් වැඩි කොටසක් ගෙවා ඇති බව නමුත් පසුව ඔවුන්ට දෙවන සහ තුන්වන ණය ලබා දීමේදී විවිධ සමාගම් විසින් ඔවුන්ව උගුලටකට හසු කර ගන්නාවා ,” බොහෝ අය විවිධ ආයතන කීපයකින් ණය ගන්නා අතර, එමගින් ණය ප්‍රමාණය ආදායමට සමානුපාතික නොවන නිසා ණය ගැතිභාවය වැඩිවී ඔවුන් අසරණ වනවා.
2019 එලි දැක්වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මේ පිළිබඳ ඇති අඳුරු පැතිකඩ පිළිබඳ විවරණයක් කර තිබෙනවා. වාර්තාවේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ දුප්පත් හෝ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන් සියයට 30ත් 220ත් අතර පොළියක් අය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ණය ලබාගෙන ඇති බවයි. විශේෂයෙන් පස් දෙනාගේ කණ්ඩායමේ එක් අයෙක් මුදල් ගෙවන්නේ නැතිනම් අනෙක් අයට මේ හිඟ මුදල ගෙවීමට සිදු වෙනවා. නැතිනම් මුදල් ගෙවීමට කටයුතු කරන්න බලපෑම් කරනවා. ණය පැහැර හැරීමෙන් පසු, මුල්‍ය අතනත වල නියෝජිතයන් කාන්තාවන් බිය ගන්වා ලිංගික අල්ලස් ලබාගැනීමට පවා තත්වය උඩුදුවා ඇති බවට සාක්ෂි හමුවි තිබෙනවා. සමහර කාන්තාවන් ඔවුන්ගේ ණය පියවීම වෙනුවෙන් ඔවුන්ගේ වකුගඩු විකිණීමටත් සිදුකර තිබෙනවා.
බොහෝ නීති විශාරදයින්, විද්වතුන් සහ වෙනත් වෘත්තිකයන් මෙන් රාදිකාද පවසන්නේ මෙම ගැටලුවට ඇති එකම විසඳුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති ආර්ථික අයිතියක් වන ජීවත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවට හඳුන්වා අත්‍යාවශ්‍ය බවයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් දැනටමත් ආර්ථික අයිතීන් ලබා දී ඇති බවට යමෙකු තර්ක කළ හැකියි, නමුත් දැනට ලබා දී ඇති අයිතීන් නීතිමය පැතිකඩින් අඩු වටිනාකමක් ඇති ඒවා බවයි ඒ පිළිබඳ විශේෂඥයින් පවසන්නේ. ආර්ථික අයිතිවාසිකම් බලාත්මක කිරීමෙන්, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අදූරදර්ශී ක්‍රියාවලට ගොදුරු වූ බොහෝ දෙනෙකුට යුක්තිය ඉටුවන අතර, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියද සුරක්ෂිත වනු ඇත. තවද, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ඒවායේ ක්‍රියාදාමයන් පරීක්ෂාවට ලක් කර, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ගොදුරු කර ගැනීමට නොහැකි වන පරිදි නියාමනය කිරීම රජයේ වගකීමකි.
“ලංකාවේ ලක්ෂ 28 ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වල ණය ලබාගෙන ඇති අතර ඉන් ලක්ෂ 24 කාන්තාවන් ඔවුන්ට ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම ලැබෙන්නේ මෙම ගැටළුව සම්බන්ධගෙන් බලධාරීන් දක්වන උනන්දුව මතය. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයකදී මෙම ප්‍රජාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට ප්‍රතිපාදන ඇතුළත් වීම යුගයේ අවශ්‍යතාවයක් බවයි පෙනීයන්නේ.