ක්‍රිකට් ආසියානු කුසලානය : ශ්‍රී ලංකාව ආසියානු කුසලානය හිමිකර ගනියි

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව වසර 08කට පසුව ආසියානු කුසලානය ශ්‍රි ලංකාවට හිමිවිය. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතයි.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණි.ආසියානු කුසලානය ක්‍රිකට්

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

හයවැනි වරටත් ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමයි.

“2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණූසුම් සුබ පැතුම්. පකිස්ථානය හොඳින් ක්‍රීඩා කළාෟ, අද පැවැත්වෙන දෙවැනි ශූරතාව, කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව අපට ජාතියක් ලෙස අභියෝග ජයගත හැකි බව පෙන්වා දෙනවා.” යැයි ජනාධිපතිවරයා සටහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed