නීතිවිරෝධීව සංක්‍රමණය කරමින් සිටි 85 දෙනෙකු නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට – මෙලනි මානෙල්

නීති විරෝධී මුහුදු ගමන්

 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මඩකලපුවේදී සිදු කරන ලද මුර සංචාරයකදී ” අද – සැප්තැම්බර් 11″ අලුයම පුද්ගලයින් 85 දෙනෙකු රැගත් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර” මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ කණ්ඩායමක් බවට සැක කරන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම විසින්  මඩකලපුව ආසන්නයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු මෙකී දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළෙa.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බෝට්ටු ක්‍රියාකරුවන් ඇතුළුව පිරිමින් 60 ක් සහ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 14 ක් ද වයස අවුරුදු 18 ට අඩු ළමුන් 11 දෙනෙක් ද සිට ඇත.

මෙම නීතිවිරෝධී මුහුදු ගමන සඳහා යොදාගත් බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සියලු දෙනා මඩකලපුව, ත්‍රිකුණාමලය, මුතූර්, කිලිනොච්චිය, යාපනය සහ මඩු ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් බව නාවික හමුදාව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලීසිය වෙත භාර දීමට නියමිත බව වාර්තා විය.

මේ අතර නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග මොහොත්තුවාරම් වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව වෙත පුද්ගලයන් රැගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන සැකකරුවන් 05 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 04 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *